Ads 468x60px

.

අනූෂාට කයිරෝනයේ යතුර ලැබෙයි

ස්වර්ණවාහිනිය මගින් සංවිධානය කළ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් රියැලිටි වැඩසටහනේ ජයග‍්‍රාහකයන්ට හිමි ත්‍යාග පිරිනැමීමේ උත්සවය පෙරේදා (01) බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේ දී සිදු විය.
එහිදී සිව්වන ස්ථානය දිනාගත් විලී තිලංකට සහ තෙවැනි ස්ථානය දිනාගත්
මේනක පීරිස් හිමි ගිවිසුමට අදාළ මුදල් චෙක්පත් ප‍්‍රදානය කරනු ලැබුවේ ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂක නාලක එදිරිසිංහ මහතා විසිනි.

මෙම තරගයේ දෙවැනි ස්ධානය දිනාගත් හේමාල් රණසිංහට හිමි ඩිමෝ
සමාගම විසින් පිරිනමන ලද ටාටා ඉන්ඩිගෝ විස්ටා වර්ගයේ මෝටර් රථය ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ජීවක එදිරිසිංහ මහතා විසින් පිරිනමනු ලැබීය.

ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරගාවලියේ දී නර්තන තරුව ලෙසින් අභිෂේක ලැබූ අනූෂා දමයන්තිට මයික්‍රෝ ආයතනය විසින් පිරිනමන ලද මයික්‍රෝ කයිරෝන් වර්ගයේ සුපිරි මෝටර් රථය ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයේ සභාපතිනි දේශබන්දු, දේශ ශක්ති ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය විසින් ප‍්‍රදානය කරන ලදි.

මේ අවස්ථාවට ස්වර්ණවාහිනි අධ්‍යක්‍ෂ වැඩසටහන්, බුද්ධික කුලසේකර, ස්වර්ණවාහිනි අලෙවි අධ්‍යක්‍ෂ එම්.ජී.එම් මලික්, අයිඩියල් මෝටර් සමාගමේ සභාපති නලින් වෙල්ගම යන මහත්වරුන් හා තරගකරුවන්ගේ පවුලේ සාමාජිකයනසහභාගී වුහ.
 
Related Posts with Thumbnails