Ads 468x60px

.

බරපතළ ලිංගික අතවරයකට ලක්‌ කළ පාසල් දැරිය කෙළෙසු ගුවන් සෙබලා රිමාන්ඩ්

අපොස උසස්පෙළ විභාගය හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පැවැති මාතර තෙලිජ්ජවිල රාජකීය විදුහල් මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලකදී එම විදුහලේම   05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන  දස හැවිරිදි  පාසල් දැරියක  මහ දවාලේ  බරපතළ ලිංගික අතවරයකට ලක්‌ කළ බවට සැකපිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් පලා ආ සෙබළකු ඇතුළු ඊට ආධාර හා අනුබල දුන්නැයි සැකපිට අත් අඩංගුවට ගත් පස් දෙනෙක් මාතර අතිරේක
මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූහ. සිවුදෙනෙක් රුපියල් ලක්‍ෂය බැගින් වූ ඇපමත මුදාහරිනු ලැබූහ. සැකකරුවන් නව දෙනාගෙන් පස් දෙනකු මත්පැන් බී සිටි බව අකුරැස්ස රෝහලේ වෛද්‍ය සී.වී.පී. සුනිල් මහතා වාර්තාවක් ඉදිරිපත් කැර ඇතැයි පොලිසිය මහේස්ත‍්‍රාත්වරියට දැනුම් දුන්නාය.

දෙනිපිටිය, උඩුකාවේ කිරිත්ගොඩ ගමගේ බුද්ධික නුවන් කුමාර (30) නම් හිටපු ගුවන් භටයාද, දෙනිපිටිය කට්ටිය දුවේ බන්දුල හේවා පතිරණ නම් විභාග ශාලාධිපතිද, දෙනිපිටියේ බෝපිටිය මහ ගමගේ ඉන්දික සුරංග නම් මුරකරුද හල්ලල වැලිපිටියේ සරත් හේවාපතිරණ (17403) නම් අකුරැස්ස පොලිසියේ සැරයන්ද, තෙලිජ්ජවිල අකුරුගොඩ, පදිංචි කිරිත්ගොඩගමගේ ප‍්‍රදීප් කුමාර (56075) කොස්තාපල්ද (ගුවන් භටයාගේ සොහොයුරෙකි) රිමාන්ඞ් බාරයට පත් කළ අයවෙති. තෙලිජ්ජවිල කිරිමැටිමුල්ලේ පදිංචි දීයගහ වඩුගේ ධර්මතිලක (කනහලාගම විදුහල්ති හා විභාග සම්බන්ධීකරණ නිලධරයාද) පාලටුව දඹකොලේවත්තේ රංජන කුමාර වෙත්තසිංහ. (විභාග ශාලාධිපති) වියන්ගොඩ ආචාරිගේ චන්ද්‍රසිරි (විභාග ශාලාධිපති) හා කිරිමැටිමුල්ලේ පදිංචි චන්ද්‍රසිරි ජාතුංග දහනායක නම් මුරකරුද රුපියල් ලක්‍ෂය බැගින් වූ ඇප මත මුදා හළ අයවෙති.

මේ සිවුදෙනා මත්පැන් බී නොසිටි බව වෛද්‍ය වාර්තාවේ සඳහන්වේ.

අකුරැස්ස පොලිස් පරීක්‍ෂක මහීපාල පතිරණ මහතා විසින් සැකකරුවෝ මහේස්ත‍්‍රාත් නිල නිවසට ඉදිරිපත් කරනු ලැබූහ

අතවරයට ලක්‌වූ දැරිය අසාධ්‍ය තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

මෙම  විභාග මධ්‍යස්‌ථානයේ විභාග ප්‍රශ්න පත්‍ර ආරක්‌ෂා කිරීම සඳහා පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ද, විභාග කාර්ය මණ්‌ඩලයේ සේවකයන් පස්‌ දෙනකුද, සේවයේ යෙදී සිට ඇති අතර, ඔවුන් මෙම සිද්ධිය වන අවස්‌ථාවේ මත්පැන් සාදයක්‌ පවත්වා ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ විභාග මධ්‍යස්‌ථානයේ සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනා හා විභාග කාර්ය මණ්‌ඩලයේ සේවකයන් පස්‌ දෙනාද පොලිස්‌ භාරයට ගෙන ඇත.

නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර විභාග මධ්‍යස්‌ථානය පැවැති විදුහලේ පංති කාමර පිරිසිදු කිරීම සඳහා පැමිණෙන ලෙසට විදුහල්පතිවරයා විසින් දැනුම් දීම නිසා ඇය සිය මව හා සොහොයුරිය සමඟ විදුහලට ගොස්‌ තිබේ. එහිදී එම ප්‍රදේශයේම පදිංචි එක්‌දරු පියෙකු වන සැකකාර සෙබලා  දැරිය රවටාගෙන ගොස්‌ විදුහල තුළම අතවර කර ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය විය.
මෙම  සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට නිලධාරීන් කණ්ඩායමක් අද කොළඹින් පිටත්ව යාමට නියමිත බව  අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එච්.එම්. ගුණසේකර මහතා පැවසිය. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ලබාදී ඇති නියෝගයට අනුව එම නිලධාරී කණ්ඩායම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව ඊට සම්බන්ධ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නිලධාරීන් සියලු දෙනාගේ වැඩ තහනමකට ලක් කරන බව  අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය
 
Related Posts with Thumbnails