Ads 468x60px

.

දුම්රිය ගැටීම් වැළැක්‌වීමට එන්ජිමට විශේෂ උපකරණයක්‌

දුම්රිය එකිනෙක ගැටීමෙන් සිදුවෙන අනතුරු වැළැක්‌වීම සඳහා දුම්රිය එන්ජින්වල විශේෂිත ඉලෙක්‌ට්‍රොනික උපකරණයක්‌ සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම විශේෂිත උපකරණය මගින් ධාවනය කෙරෙන දුම්රියක රියෑදුරුට කිලෝමීටර් 10 ක්‌ ඉදිරියේ තිබෙන දුම්රියක්‌ පෙන්නුම් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්‍ෂ විජය සමරසිංහ මහතා පැවැසීය.
මෙයට අමතරව දුම්රිය පාලක මැදිරියේ ද එවැනි උපකරණයක්‌ සවි කෙරෙන බවත් එමගින් ද එය පෙන්නුම් කෙරෙන බව ද හෙතෙම කීය. ප්‍රථමයෙන් මෙම අත්හදාබැලීමට ශීඝ්‍රගාමී දුම්රිය දහයක මෙම උපකරණය සවි කෙරෙන අතර ඉන්පසු එය සෑම දුම්රියකම එන්ජිමේ සවි කෙරෙන බව සැලසුම් අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

පෞද්ගලික දුරකථන සමාගමක සහයෝගයෙන් මෙය සිදු කෙරෙන බවත් මේ මගින් පසුගියදා අලව්වේදී සිදු වූවාක්‌ වැනි දුම්රිය එකිනෙක ගැටීමේ අනතුරු වළකාගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය. ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ධම්මික පෙරේරා මහතාගේ හා දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න මහතාගේ උපදෙස්‌ පරිදි එය සිදු කෙරෙනු ඇත.
 
Related Posts with Thumbnails