Ads 468x60px

.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා සිල්වා විදෙස් රෝහලකට

ඉකුත් 08 වන දා මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට භෞත චිකිත්සක ප‍්‍රතිකාර ලබාදීම සඳහා විදෙස් රටකට ගෙනයාමට ඔහුගේ ඥාතීන් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබේ.


මන්ත‍්‍රීවරයාගේ තත්වය මේ වන විට තරමක් සුව අතට හැරෙමින් ඇති නිසා ඔහුට විදෙස් රටකදී භෞත චිකිත්සක ප‍්‍රතිකාර ලබාදීමට අවශ්‍ය බව මන්ත‍්‍රීවරයාගේ ඥාතීන් විසින් වෛද්‍යවරුන්ට දන්වා ඇත.
මන්ත‍්‍රීවරයාට මේ වන විට දියරමය ආහාරවලට අමතරව ඝන ආහාර වර්ගද ලබා දෙන බවද ඔහුගේ සෞඛ්‍ය තත්වය දිනෙන් දින යහපත් අතට හැරෙමින් පවතින නමුත් ඔහු සම්පූර්ණයෙන්ම සිහිය ලබා නැති බවද රෝහල් ආරංචි මාර්ග කියා සිටී.
 
Related Posts with Thumbnails