Ads 468x60px

.

දීපාවලී දින පණිවිඩය

අන්ධකාරය පරදා ආලෝකය ජයග‍්‍රහණය කිරීම සංකේතවත් කරන දීපාවලී දිනය අද (26)ට යෙදී තිබේ. විෂ්ණු දෙවියන් විසින් නාරගාසුරන් නම් දුෂ්ට පාලකයා පරාජය කරනු ලැබීම අද වැනි දිනකදී සිදු වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. විශිෂ්ට තේමාවක් ඇති දීපාවලී දිනය සමරන හින්දු බැතිමතුන්ට මේ අවස්ථාවේදී සුබ පැතුම් එක් කරනුයේ මහත් සන්තෝෂයෙනි.
ගෙවී යමින් තිබෙන මේ මොහොත සමස්ත ශ‍්‍රී ලාංකේය ජාතියට පමණක් නොව මුළුමහත් ලෝකයටම අන්ධකාරයෙන් මිදී ආලෝකය ලැබීමේ අවශ්‍යතාව තදින් දැනෙමින් තිබේ. අපි ජීවත් වෙන්නේ සෞභාග්‍යය, නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කරන පාලකයින් විසින් ජනතාව අන්ධකාරය වෙත කැන්දාගෙන යනු ලබන යුගයකය. ඒ නිසා විෂ්නු දෙවියන්ගේ ආදර්ශය උකහා ගැනීමේ වැදගත්කම අන් කවරදාටත් වඩා දැඩි ලෙස අද දැනෙමින් තිබේ.

එම නිසා දීපාවලී දිනයේ උත්කෘෂ්ට ප‍්‍රාර්ථනාවන් ජයග‍්‍රහණය කර ගනු පිණිස පෙරට ඒමට අදිටන් කර ගන්නා දිනයක් බවට අද දිනය පත් කර ගන්නා ලෙස සියලූ දෙනාගෙන් ඉල්ලා සිටීමට අපි මෙය අවස්ථාවක් කර ගනිමු. දීපාවලී දිනය සමරන ශ‍්‍රී ලංකාවාසී හින්දු බැතිමතුන් ඇතුළු සමස්ත ලෝකවාසී හින්දු බැතිමතුන්ට නැවත වරක් සුභාශිංසන පුද කරමු.
 
Related Posts with Thumbnails