Ads 468x60px

.

තොරුතුරු සපයන අඩවි වලට තිත - ලිංගික වෙබ් අඩවි වලට මත


සංස්කෘතිය,සභ්‍යත්වය,ආචාරධර්ම යන මේවා අප රටේ සමහර අමන පුද්ගලයන්ගේ නිරුවත සගවන සළුපට බවට පත්ව ඇත.රටපුරා ගණන් කල නොහැකි තරම් පන්සල් තිබුනද ,අප්‍රමාණ දානමාන පින්කම් සිදුකලා වුද මෙරට ලිංගික අසහනය කෙතරම් උග්‍ර වී ඇත්දැයි යන්න එදිනෙදා පුවත් පතක් හෝ අන්තර්ජාල පුවත් වෙබ් අඩවියක් බැලු සැනින් පෙනී යයි.

ඊට අමතරව මේ බව තව දුරටත් තහවුරු කරගැනීමට අන්තර්ජාලයේ ලොව පුරා වෙබ් අඩවිවල ජනප්‍රසාදය පරීක්ෂා කරන ජනප්‍රිය වෙබ් අඩවියක් වන www.alexa.com පරීක්ෂා කල හැක.උදා.ලෙස ඔබ www.ElakiriNews.com ලෙස එහි ටයිප් කල විට එය ලංකාවේ ජනප්‍රසාදය අනුව කීවනි තැන ඇත්දැයි ඔබට පෙන්වා දේ.ඒ අනුව ඔබට ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවි 500 පරීක්ෂා කල හැක.දැනට ලංකාවේ වැඩිදෙනෙකු සැරිසරන වෙබ් අඩවි ලෙස
1.www.Facebook.com
2.www.google.lk
3.www.google.com
4.www.youtube.com දැක්විය හැක.

එයට අමතරව තොරතුරු පුවත් වෙබ් අඩවි අතරින්
13.www.adaderana.lk
14.www.dailymirror.lk
18.www.srilankamiror.com දැක්විය හැක.
අවාසනාව නම් මෙහි වෙබ් අඩවි 500 ඇතුලත අතිවිශාල ප්‍රමාණයක් නොමිලේ ලිංගික චිත්‍රපට නැරඹිය හැකි වෙබ් අඩවි තිබීමය.පහත දැක්වෙන්නේ ඉන් කීපයකි.
28.www.hardsextube.com
34.www.xhamster.com
117.www.xvedios.com
මෙම වෙබ් අඩවි දිනෙන් දින ලැයිස්තුවේ ඉහලට පැමිණෙමින් පවතී.නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකමෙන් අප රටේ මානසික රෝගීන් දිනෙන් දින වැඩිවනවා පමණක් නොව රටේ ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර ප්‍රමාණයද ඉහල යමින් පවතී.මේ සියල්ල අතරේ අපට පැන නැගෙන මීලග ප්‍රශ්නය වන්නේ හුදක් ජනතාවට එදිනෙදා තොරුතරු සපයන පුවත් වෙබ් අඩවි නිරපරාදේ වසා දමන්නන්ට මෙවන් ලිංගික වෙබ් අඩවි නොපෙන්නේනේ මන්දැයි කියාය.මෙය අතිශය සංවේගාත්මක කරුණකි.
 
Related Posts with Thumbnails