Ads 468x60px

.

ජැකලින් රිතික්ව සිපගැනීම ප‍්‍රතික්ෂේප කරයි

ශ‍්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඞ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්, ජනපි‍්‍රය බොලිවුඞ් නළු රිතික් රෝෂන්ව සිපගැනීම ප‍්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක්  වාර්තා වේ.ඇය මෙසේ රිතික්ව සිප ගැනීම ප‍්‍රතික්සේප කර ඇත්තේ රාකේෂ් රෝෂන්ගේ අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය වීමට නියමිත කි‍්‍රෂ් 2 චිත‍්‍රපටියේ දර්ශනයක් නිසාය.
අදාළ දර්ශනය හේතුවෙන් ජැකලීන් එම චිත‍්‍රපටයෙන්ද ඉවත්වීමට තීරණය කර ඇතැයි පැවසේ.


මේ අතර, ජැකලින් ගේ පෙම්වතා යැයි පැවසෙන බොලිවුඞ් අධ්‍යක්‍ෂක සජිඞ් ඛාන් ගේ බලපෑම මත ඇය මෙලෙස අකමැත්ත පල කර ඇති බවබොලිවුඞ් පුරයෙන් වාර්තා වේ.කෙසේවුවද ජැකලින්ගේ කළමනාකරු පවසා ඇත්තේ දින පිළිබඳ ගැටළු පැනනැගීමෙන් පසුව ඇය මෙම චිත‍්‍රපටියෙන් ඉවත් වී ඇති බවයි.බොලිවුඞ් ටැබ්ලොයිඞ් වාර්තා කරන්නේ ඇය මෙම චිත‍්‍රපටියෙන් ඉවත්වූවාද නැතිනම් ඉවත් කළාද යන්න පිළිබඳව පැහැදිලි නැති බවයි.

ජැකලින්ගේ මෙම තීරණ ඇගේ බොලිවුඞ් අනාගතයටද බලපානු ඇතැයි බොලිවුඞ් විචාරකයන්ගේ අදහස වී තිබේ.කි‍්‍රෂ් 2 හි මෙම චරිතය සඳහා ජැකලින්තෝරාගනු ලැබුනේ බොලිවුඞ් නිළි චිත‍්‍රාංගදා සිං එම චරිතය ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් අනතුරුවය.කෙසේ වෙතත් ජැකලින්, අබ්බාස් මස්තාන්ගේ රේස් 2 චිත‍්‍රපටියට සහභාගී වීමට නියමිත බව අළුත්ම බොලිවුඞ් ආරංචිමාර්ගවලින් අනාවරණය වේ.රේස් 2 චිත‍්‍රපටියට දීපිකා පදුකෝන්, අමීෂා පටෙල්, සයිෆ් අලි ඛාන්, අනිල් කපූර්, ජෝන් ඒබ‍්‍රහම් ඇතුළු නළුනිළියන් රැසක් එක්වීමට නියමිතය.


http://3.bp.blogspot.com/-ziYS80sC5S8/TjztdNYOBSI/AAAAAAAAKiU/P8UODWFimhE/s1600/Jacqueline+Fernandez+2.jpghttp://4.bp.blogspot.com/-mcpk509b-9w/Tjztep9MyWI/AAAAAAAAKiY/v-JC3DcsatU/s1600/Jacqueline+Fernandez.jpg
 
Related Posts with Thumbnails