Ads 468x60px

.

රුපියල් 5000ක මුදලේ සිට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සහ නිළියන් සොයා අඛණ්ඩ මෙහෙයුම්


ආවේක්ෂණ නිළධාරීන් යොදා ගනිමින්ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සහ ඇතැම් නවක නිළියන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.මේ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ද පොලිසියට ලැබී ඇත.පසුගිය සමයේදී ආවේක්ෂණ නිළධාරීන් යොදා සිදුකළ මෙහෙයුම්වලදී ගණිකා වෘත්තයේ යෙදී සිටි නවක නිළියන්හා කාන්තාවන් රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

ඒ අනුවආවේක්ෂණ නිළධාරීන් යොදාගෙන සිදුකළමෙහෙයුමකදීජංගම දුරකථන මගින් ගනුදෙනුකරුවන්ටමුදලට කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීම් කටයුතු මෙහෙයවූ 44 හැවිරිදි සැකකාරියක් එම නිළධාරීන් විසින්පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් 5000ක මුදලේ සිට ගණිකාවන් සැපයීම සිදුකර ඇති අතර ගණිකා වෘත්තියේ යෙදවූ 20, 23 හා 19 යන වයසේපසුවන සැකකාරියන් තිදෙනෙකු ද අත් අඩංගුවට ගැනීමට සමත් වි ඇති අතර මෙම සැකකාරියන්ට ගනුදෙනුකරුවන්සැපයීමට මුල්වී කටයුතු කළ තරුණයෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

බුලත්සිංහලතන්තිරිමලේ සහ කොස්ගොඩ ප්‍රදේශවල පදිංචි මෙම සැකකාරියන් රැකියාවක් නොමැති කම හේතුවෙන්ගණිකා වෘත්තියේ යෙදී ඇති බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

මෙම සැකකාරියන් හා සැකකරුහෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 වන දිනදක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
 
Related Posts with Thumbnails