Ads 468x60px

.

තමන් ගැන තමන් විසින්ම කටකතා පතුරුවාගන්නා පිස්සු මයිකල්

මොනිකා නැමති තමන්ගේ මව ජේ.ආර්. ජයවර්ධනගේ පරණ පෙම් වතියක් බවත් තමන්ගේ පියා ජේ.ආර්. ජයවර්ධන බවත් පවසමින් තමන් ගැන තමන් විසින්ම කටකතා පතුරුවාගන්නා පිස්සු මයිකල් කෙනෙකු ගැන වාර්තා වේ. පිස්සු මයිකල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඒ 1970 දශකයේ මුල් භාගයේදී පමණය.


හැමදාම පාසල ඇරුණුපසු රාජකීය විද්‍යාලයට යාබඳව පිහිටා තිබෙන කොළඹ කාන්තා විද්‍යාලය ඉදිරිපිට මල් පාරේ කාන්තා විද්‍යාලයේ ගොඩනැගිලි දෙස බලමින් පැයක් පමණ කාලයක් එහා මෙහා සක්මන් කිරීම මයිකල්ගේ සිරිතයි. එය එකල කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවන්ට සුපුරුදු දසුනකි.

එසේ සක්මන් කරනා මයිකල්ගෙන් කිසිදු හිරිහැරයක් හෝ අතවරයක් කාන්තා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට සිදු නොවුණු අතර ඔවුන් හා සමඟ අඩි දෙකක් පමණ ඈතින් සිට කතාබහ කරනා ඔහු තමන් එවක විපක්‍ෂ නායකවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුතකු බව පැවසීම නිසා එවක කාන්තා විද්‍යාලයේ ශිෂ්‍යාවන් ඔහුට ‘‘පිස්සු මයිකල්’’ යනුවෙන් නමක් පටබඳින ලද්දේය.

රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හමාරකරනා ‘‘පිස්සු මයිකල්’’ හට ප‍්‍රථම රැකියාව ලැබෙන්නේ කොළඹ ඔබරෝයි (දැන් සිනමන් ග‍්‍රෑන්ඞ්) හෝටලයේය. සහකාර කලමණාකරුවෙකු ලෙස මෙලෙස සේවයේ නිරතවන පිස්සු මයිකල් ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ තාත්තා බව හෝටලයේ අය අතර පවා ප‍්‍රචලිත කර හරින්නේ තමා බලවත් පුද්ගලයකු බව පෙන්වීමටය. මෙසේ සේවය කරන අතරතුර විදේශිකයකුගේ මුදල් පසුම්බියක් හොරකම් කිරීමේ හේතුවෙන් පවත්වන විනය පරීක්‍ෂණයකදී පිස්සු මයිකල් ඊට වැරදිකරු වී ඔබරෝයි හෝටලයෙන් පන්නා දමනු ලබයි.

එවක පැවති එක්සත් ජාතික පක්‍ෂ රජයේ ආධාරයෙන් හා උපකාරයෙන් පිස්සු මයිකල් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුළු රැකියාවක් සඳහා පිටත්ව යන්නේ මින් අනතුරුවය.

එසේ ස්විස්ටර්ලන්තයට පිටත්ව යන පිස්සු මයිකල් මානව හිමිකම් පිළිබඳව ඔස්තාර් කෙනෙකු වී නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර දහයකට පමණ පසු එම්.එස්. යන නමිනි. මෙසේ පැමිණෙන එම්.එස්. එක්සත් ජාතික පක්‍ෂයේ කළුතර දිස්ත‍්‍රික්කය සඳහා නාමයෝජනා ලබාගෙන දේශපාලනයට ප‍්‍රවිශ්ඨවේ. දැන් පිස්සු මයිකල් ශ‍්‍රී ලංකා දේශපාලන ලෝකයේ මානව හිමිකම්වල සංකේතය වේ. පිස්සු මයිකල්ගේ ඊළඟ ඉලක්කය ලංකාවේ අගමැති ධූරය හෝ ජනාධිපති ධූරය බව ඔහුගේ හිතවතුන් පවසති.

පිස්සු මයිකල්ගේ ඉතිහාසය පිළිබඳව කරුණු හෙළිකළ කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් අවසාන වශයෙන් පවසා සිටියේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම්වලටත් පිස්සු මයිකල් සම්බන්ධ වී සිටිනා ආණ්ඩුවටත් දෙවියන්ගේම පිහිට තමන් ප‍්‍රාර්ථනා කරන බවය.
 
Related Posts with Thumbnails