Ads 468x60px

.

මීළඟ ජනාධීපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්‍ෂාකාව - චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මීළඟ ජනාධීපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්‍ෂාකාව ලෙස ඉදිරිපත් වන බව එම පක්ෂය සුරැකීමේ ව්‍යාපාරයේ මාධ්‍ය ප‍්‍රකාශක ලාල් පෙරේරා මහතා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා තිබේ. මංගල සමරවීර මහතා සහ හිටපු ජනාධිපතිනිය අතර මේ පිළිබඳ වන සාකච්ඡවක්ද පවත්වා ඇති බව ඔහු පවසයි.


කෙසේ වෙතත් වහා මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වා ඇති එක්සත් ජාතික පක්‍ෂය පවසා ඇත්තේ හිටපු ජනාධිපතිනිය මිලඟ ජනාධිපතිවරණයට තම පක්ෂයෙන් ඉදිරිපත් කිරීමේ සුදානමක් නොමැති බවයි. එම ප‍්‍රකාශය අසත්‍ය එකක් බවත් එවැනි කිසිදු සාකච්ඡවක් එක්සත් ජාතික පක්ෂය පවත්වා නැති බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතික පක්‍ෂ සභාපති ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මන්තී‍්‍රවරයා අවධාරණය කරයි.
 
Related Posts with Thumbnails