Ads 468x60px

.

ගඩාෆිගේ සිරුර මස් මඩුවේ කුණු වෙයි, කාන්තාරයක රහසේ වළ දැමීමට යයි

නේටෝව විසින් ඝාතනය කරන ලිබියානු ජනාධිපති කර්නල් මුවම්මර් අල් ගඩාෆිගේ දේහය අද ලිබියානු කාන්තාරයේ රහසිගත ප‍්‍රදේශයක මිහිදන් කෙරෙන බව එරට කැරලිකාර පාලනය පවසයි.ගඩාෆිගේ සිරුර මිස‍්‍රාටා නුවර මස් ගබඩා කරන ශීතාගාරයක තැන්පත් කර ඇති අතර ජනතා ප‍්‍රදර්ශනය සඳහා විවෘතව තැබුණු මළ සිරුර දිය වී යාමට පටන් ගැනීම නිසා දොරගුළු වසා දැමීමට සිදුව ඇත.


ගඩාෆිගේ සිරුර මිහිදන් කළ යුතු ආකාරය පිළිබඳව ඔහු අයත් ලිබියානු ගෝත‍්‍රයේ නායකයන් සමග සාකච්ඡා කළ බව කැරලිකාර පාලනය පවසන අතර ගඩාෆිගේ සිරුර ලබා ගැනීම සඳහා සහයෝගීතාව දැක්වීමට එම ගෝත‍්‍රය කැමැත්ත පල කර තිබූ බවද සඳහන්ය. එහෙත් මේ සම්බන්ධයෙන් මෙතෙක් එකගතාවක් ඇති වී නැති අතර කෙදිනක හෝ ගරු බුහුමන්වලට ලක්වීම වැළැක්වීම සඳහා ගඩාෆිගේ සිරුර කාන්තාරයේ හුදෙකලා ස්ථානයක මිහිදන් කිරීමට තීරණය කර ඇත.සාක්‍ෂි සඳහා පුද්ගලයන් හතරදෙනෙකුගේ ඉදිරියේ කර්නල් ගඩාෆිගේ දේහය අද මිහිදන් කෙරෙන බවද සඳහන්ය.ගඩාෆි අල්ලා ගැනීමෙන් පසු ඔහුට වද දී ඝාතනය කිරීම පිළිබඳව ගඩාෆිගේ රජය පෙරළා දැමීමට ආධාර කළ බටහිර රටවල් පවා අසීරුතාවට පත්ව සිටී.
 
Related Posts with Thumbnails