Ads 468x60px

.

ලක්‍ෂ හැත්තෑවක කුඩු සමග බොරැල්ලේ සුදු පුතා’’ අත්අඩංගුවට

රුපියල් ලක්‍ෂ හැත්තෑවකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් රැගෙන අති සුඛෝපභෝගී මෝටර් රථයක යමින් සිටි මත්කුඩු ජාවාරම්කරුවකු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිටදීය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බොරැල්ලේ සුදු පුතා නමැති මහා පරිමාණයෙන් හෙරොයින් බෙදාහැරීමේ නිරතව සිටින සැකකරුවකු බව පොලිසිය පැවසීය.මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් මත රැක සිට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් කිලෝ ග‍්‍රෑරැම් 1.11 ක ප‍්‍රමාණයක් සැකකරු ලඟ තිබී සොයාගෙන ඇත.

සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කරගෙන යන බවමත්ද්‍රව්‍ය නාශක අංශය පැවසීය.මේ දිනවල මත්ද්‍රව්‍යවල විශාල හිඟයක් පවතින බැවින් ඉහළ මිල ගණන්වලට මත්ද්‍රව්‍ය අලෙවි වන බවද මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කළේය.
 
Related Posts with Thumbnails