Ads 468x60px

.

චිලී තිලංකගේ පෙම්වතියවීමට පියුමි හා මේනකා අතර තරගයක්


යොවුන් පරපුරේ ජනපි‍්‍රය ගායකයකු, නර්තන ශිල්පියකු හා නළුවෙකු වන චිලී තිලංකගේ පෙම්වතියවීමට පියුමි පුරසිංහ හා මේනකා පීරිස් අතර තරගයක් ඇතිවී ඇතැයි වාර්තා වේ.අදාළ ගැටුම ඇතිවී ඇත්තේ ලබන නොවැම්බර් 14 වැනිදා සිට ස්වාර්ණවාහිනී නාලිකාවෙන් රාතී‍්‍ර 9.30 ට විකාශයවීමට නියමිත සම්පත් ශී‍්‍ර රෝෂන්ගේ ‘මං ආසයි පියාඹන්න’ ටෙලි නාට්‍යයේ බවපැවසේ.

චිලී මෙම ටෙලියේ ගුවන් නියමුවකුවන්නට ඇමරිකාවේ අධ්‍යාපනය ලබන සිසුවෙකුගේ චරිතයක් රඟපාන අතර, පියුමි ඔහු හා පෙමින් වෙලී සිටිය ද ඇගේ සිත දෙතැනක නතරව තිබේ.කෙසේවුවද චිලීට හදිසියේදීම ගුවන් තොටුපලේදී මේනකා මුණගැසෙන අතර ඒ අනුව චිලී හා මේනකාගේ ජීවිත ගලායන අයුරු මෙම ටෙලියෙන් දැක්වේ.රංග දසනායකගේ සංගීතයෙන් හැඩවන මෙහි සහය අධ්‍යක්‍ෂවරයා ලෙස චමල් ප‍්‍රබෝධ රත්නායක කටයුතු කරයි.

‘මං ආසයි පියාඹන්න’හි කැමරා අධ්‍යක්‍ෂණය ෂැගී විසින් සිදුකර ඇති අතර එහි කළා අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කර ඇත්තේ ගාමිණි එස්. බණ්ඩාරය.ගාමිණී හෙට්ටිආරච්චි, නිලංග විජේසිංහ, ගයනා සුදර්ශනී, අංජු රොඞ්රිගෝ, ශිවන්ත අර්ථසාද් හා සම්පත් ශී‍්‍ර රෝෂන් මෙහි සෙසු චරිත සඳහා පණ පොවති.

Picture 12http://srilankaactress.info/wp-content/uploads/2011/08/Menaka-Peiris12.jpghttp://srilankaactress.info/wp-content/uploads/2011/08/Menaka-Peiris11.jpghttp://srilankaactress.info/wp-content/uploads/2011/08/Menaka-Peiris15.jpg


http://www.lkactress.com/uploads/2/6/0/0/2600359/366491_orig.jpg




http://lh6.ggpht.com/_gts8ZHZCHE8/S0M4p0P3xTI/AAAAAAAACyo/DPxL39IqKTs/s1600/chillie_thilanka_photos%20402x604-2.jpgPicture 16


Menaka Chathurangi Peiris 12Menaka Chathurangi Peiris 11Menaka Chathurangi Peiris 13





 
Related Posts with Thumbnails