Ads 468x60px

.

ගඩාෆි අත්අඩංගුවට පත්වීමේදී මිය යයි

මෙයට සුළු මොහොතකට පෙර රොයිටර් පුවත්සේවය ගඩාෆි මියගොස් ඇති බව තහවුරු කර සිටියා. කර්නල් ගඩාෆි නේටෝ සහ කැරලිකාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගඩාෆිගේ උපන් බිම වන ලිබියාවේ හදවත වැනි සර්ට් නගරයේ සිටය.එහි ගුහාවක් තුල සනගව සිටි ඔහු එලියට පැමිණ ඇත්තේ "වෙඩි තබන්න එපා, වෙඩි තබන්න එපා" යනුවෙන් කෑ ගසමිනි.


රොයිටර් පුවත් සේවයට ඇසින් දුටුවෙක් සිද්ධිය වාර්තා කොට තිබුනේ ගඩාෆි බාර වීමට පැමිණෙන විට ඔහු හමුදා ඇදුමෙන් සිටි බවත් කකුල් දෙකම තුවාල වී සිටි බවත්ය.ඔහුව ගිලන්රථයක දමා ගෙනගිය බවත් ඔහු දුරකතනයෙන් රොයිටර් පුවත් සේව වෙත ප්‍රකාශ කර සිටිනවා. 




නමුත් ලිබියන් ටි.වී හා අල් ජසිරා වාර්තා කරන්නේ නිල නොවන වාර්තා මගින් ඔවුන්ට දැනගන්න ලැබී ඇත්තේ ලිබියානු නායක කර්නල් ගඩාෆි අත්අඩංගුවට පත්වීමේදී මියගොස් ඇති බවයි. ලිබියාවේ කැරලිකරුවන් විසින් හිටපු ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිසිය ජිවග්‍රහණයට ගෙන ඇති බව විදස් වාර්තා සඳහන් කරයි
 
Related Posts with Thumbnails