Ads 468x60px

.

කොලොම්බියාවේ කාන්තාවෝ පිරිමි පක්ෂය වර්ජනය කිරීම අවසන් කරති

කොලොම්බියාවේ බාබකොවාස්හි කාන්තාවෝ මාස 3 කුත් දින 19 ක් තිස්සේ පවත්වන ලද සිය සැමියන් සමඟ සම්භෝග සුව වර්ජනය අවසන් කර තිබේ.මෙම කතුන් අදාළ වර්ජනය ආරම්භ කරනු ලැබුවේ ගමෙන් නගරයට යන පාර නව මාර්ගයක් ලෙස සැකසීමේ රජයේ පොරොන්දුව ඉටු නොවීම සහ ගමේ පිරිමි පක්ෂය ඊට උනන්දුවක් නොදැක්වීම යන කාරණාවලට විරෝධය දක්වමිණි.

  පසුගියදා මේ මාර්ගය ඉදිකිරීම ඇරැඹීමත් සමඟ වර්ජනය අත්හළ ඔවුනට එදින රාත‍්‍රිය නිදි නැති වූ බව පැවැසේ.පසුගිය ජූනි 22 දා මොවුන් විසින් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබිණි.සම්භෝග සුව වර්ජනයට කාන්තාවන් 300ක් පමණ එක්ව සිටි අතර ඔවුන් ඊට උනන්දු කෙරුණේ අධිකරණ විනිසුරුවරියන් දෙදෙනකු විසිනි.වසර 18 කට ආසන්න කාලයක් පුරා මෙම නගරයේ මාර්ග අළුත් වැඩියා කර නොතිබූ අතර, නගරයට පිවිසීමට නිසි මාර්ගයක් නොවීමෙන් මේ නගර හුදෙකලාව තිබූ බවත් පැවසේ.
 
Related Posts with Thumbnails