Ads 468x60px

.

වත්සලාට හා ෂෙරීල්ට සාප්පුවකදී කුඩම්මාගේ සැලකිලි

මේ දිනවල ස්වාධීන රූපවාහිනයේ විකාශය වන ජනපි‍්‍රය ටෙලි නාට්‍යයක් වන ’අමා’හි රඟන ෂෙරිල් රොමේන් ඩෙකර් හා වත්සලා දියලගොඩ යන නිළියන් දෙදෙනා ප‍්‍රසිද්ධ ඇඳුම් සාප්පුවකදී ගැටුමක් ඇති කරගෙන ඇති බව වාර්තා වේ. අමා ටෙලිනාට්‍යය සඳහා ඇඳුම් සපයන පානදුරේ ඒ.එස්.බී. ෆැෂන් ආයතනයේ පසුගියදා පැවති උත්සව අවස්ථාවකට මෙම නිළියන් දෙදෙනා හට ආරාධනා කර ඇති අතර, එහිදී ඔවුන්ට අදාළ සාප්පුවෙන් නිසි සැලැකිල්ලක් නොලැබීම මේ ගැටුමට හේතුවී ඇත‍.


මෙම උත්සවයේදී දිවා ආහාර ලබා දෙන බවට ඔවුන්ට පවසා තිබුන ද, ඔවුන්ට ලබා දී ඇත්තේ කෙටි ආහාර පමණක් බවද වාර්තා වේ.මෙවැනි උත්සවයකට සහභාගී වන මෙම කලාකරුවන් වැනි විශේෂ අමුත්තන් හට තිළිණ වශයෙන් යමක් ලබා දීම සාමාන්‍ය සිරිත වුවද, මෙහිදී එවැන්නක් සඳහා කිසිඳු සූදානමක් නොවීම හේතුවෙන් මෙම තරු දෙදෙනා සිය විමතිය පළ කර ඇතැයි ක්‍ෂේත‍්‍ර ආරංචිමාර්ග කියයි.

මෙහිදී එම ආයතන ප‍්‍රධානීන් පවසා ඇත්තේ සිය ආයතනය විසින් අමා ටෙලිනාට්‍යය සඳහා ඇඳුම් සැපයුවද මෙම ආරාධිත තරු දෙදෙනාට නොමිලේ ඇඳුම් හෝ ත්‍යාග දීමට බැඳී නැති බවයි.මෙයින් ෂෙරිල් හා වත්සලා දැඩි අපහසුතාවයටකට ලක්ව තිබේ.පසුව එම උත්සවයේ සංවිධායකයෙක් වෙළෙඳසැලේ ප‍්‍රදර්ශනය කර තිබූ බිත්ති ඔරලෝසු දෙකක් මෙම නිළියන්ට හදිසියේම ත්‍යාග කර ඇති බවත් වාර්තා වේ.

කෙසේවුව ද උත්සව සංවිධායකයින් මෙලෙස තම වෘත්තිය අවතක්සේරුවට ලක්කරන බව දන්නේ නම් මේ උත්සවයට නොපැමිණ සිටින බව පසුව වත්සලා හා ෂෙරිල් සිය යෙහෙළියන්ය පවසා ඇතැයි ද පැවසේ
 ජනපි‍්‍රය නිළියක් හා නිවේදිකාවක් වන වත්සලා දියලගොඩ ’අමා’ ටෙලිනාට්‍යය ඔස්සේ පේ‍්‍රක්‍ෂකයන් අතරට එන්නේ බිනුරි ලෙසිනි.ඇය වඩාත් ජනපි‍්‍රයත්වයට පත් වූයේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ’මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ  ’නිරාශා’ ගේ චරිතය හරහාය.

නාලන් මෙන්ඩිස් ගේ ’සෙනෙහසට ආදරෙයි’ මගින් ටෙලිනාට්‍ය රංගනය ඇරඹූ වත්සලා, සිය විවාහයෙන් පසුව රංගනයෙන් සමුගන්නා බව පැවසුවද, නාලන් මෙන්ඩිස් ගේ ’වාසනා වේවා‘ ටෙලිනාට්‍යයෙන් යළි රංගනයට එක්විය.වත්සලා විසින් සියත ටී.වී. හා දෙරණ යන රූපවාහිනි නාලිකා වල වැඩසටහන් කිහිපයක්ද ඉදිරිපත් කරයි.ජනපි‍්‍රය සිනමා හා චිත‍්‍රපටි නිළි ෂෙරිල් රොමේන් ඩෙකර් පේ‍්‍රක්‍ෂකයන් අතර වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූයේ අමා ටෙලිනාට්‍යයේ ’අමා’ ගේ චරිතය හරහාය.

ඇයට මෙම චරිතය හිමි වී ඇත්තේ සිය මිතුරකුගේ මාර්ගයෙන් ’අමා’ අධ්‍යක්‍ෂක ශාන්ත සොයිසා හඳුනාගැනීමට ලැබීමෙන් පසුවය.කොළොන්නාව ශාන්ත ජෝසප් බාලිකාවෙන් අධ්‍යාපනය ලැබූ ඇය, බෙනට් රත්නායක මහතාගේ ඉර හඳ යට චිත‍්‍රපටියේ හා රොමේෂ් සුගතපාලගේ දිගු දෑස දුටුවාම ගීත රූප රචනයේ පෙනී සිටියාය.

http://lionlk.com/images/phocagallery/Sheryl%20Romain%20Decker%20(Ama)%20-%20Hot%20Photos/thumbs/phoca_thumb_l_sheryl-romen.jpg
 
Related Posts with Thumbnails