Ads 468x60px

.

ප‍්‍රථම ’අයිස්කී‍්‍රම් සැන්විච්’ දුරකථනය වන ’ගැලැක්සි නෙක්සස්’ එළිදකියි

දකුණු කොරියාවේ සැම්සුන් සමාගමේ නවතම ස්මාට්ෆෝන් ජංගම දුරකථනය වන ’ගැලැක්සි නෙක්සස්’ ඊයේ (ඔක්තෝබර් 19) හොංකොං හි දී එළිදක්වා ඇත.මෙහි එළිදැක්වීම ඔක්තෝබර් 11 දිනට යෙදී තිබුනද, ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ගේ අභාවය හේතුවෙන් ඔහුට ගෞරව දැක්වීමක් වශයෙන් එය කල්දමනු ලැබිණි.



’ගැලැක්සි නෙක්සස්’ගූගල් සමාගමේ නවතම ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය වන ’අයිස්කී‍්‍රම් සැන්විච්’ මෙහෙයුම් පද්ධතියෙන් කි‍්‍රයාකරන ප‍්‍රථම උපාංගයයි.මෙම ස්මාට් ෆෝනයේ මිල තවමත් ප‍්‍රකාශ කර නැති අතර, ලබන මාසයේ දී ඇමෙරිකානු, යුරෝපීය හා ආසියානු වෙළඳපොලවල් වලට නිකුත් වීමට නියමිතය.

ඇපල් සමාගමේ iPhone ජංගම දුරකතන වෙළඳ පොළ පෙරළීමේ අරමුණෙන් දකුණු කොරියානු සැම්සුන්ග් සමාගම සිය නවතම නිෂ්පාදනය ලෙසින් smartphone ජංගම දුරකතනයක් එළි දක්වයි.ඇපල් සමාගමේ අළුත්ම iPhone 4S දුරකතනය ලොව පුරා අලෙවි කිරීමට සැලසුම් කරද්දී සැම්සුන්ග් විසින් හොංකොං වලදී එළි දැක්වූ මෙම දුරකතනය Galaxy Nexus ලෙස නම්කර තිබෙන අතර ඇපල් සමාගම හා සැම්සුන්ග් සමාගම තාක්ෂණික නිර්මාණවල අයිතිය සම්බන්ධයෙන් මේ වනවිට නඩු මගට පවා පිවිස ඇත.දකුණු කොරියානු සමාගම පසුගියදා චෝදනා කර තිබුණේ ඇපල් සමාගම සිය පේටන්ට් අයිතීන් උල්ලංඝනය කර තිබෙන බවයි.

ජංගම දුරකතන නිපදවීමේදී ලෝකයේ දෙවැනියට විශාලතම සමාගම ලෙසින් මතුවී තිබෙන සැම්සුන්ග් දෙවැනි වන්නේ ජපානයේ නොකියා සමාගමට පමණි.ගූගල් සමාගමේ Ice Cream Sandwich නැමති නවතම මෙහෙයුම් පද්ධතිය භාවිතා කළ හැකි ලෝකයේ පළමු ජංගම දුරකතනය Galaxy Nexus බවද සඳහන්ය.මීට අමතරව, වඩාත් වේගවත් අන්තර් ජාල පහසුකම් හා වැඩිදියුණු කළ කැමරාවක් මෙම දුරකතනයේ තිබෙන බවත් නොවැම්බර් මාසයේ සිට මෙය ආසියාවේ, ඇමරිකාවේ හා යුරෝපයේ අලෙවි කිරීම අරඹන බවත් සමාගම පවසා තිබේ.

සැම්සුන් හා තරගකාරී ඇපල් සමාගමේ නවතම නිෂ්පාදනය වන iPhone 4Sපසුගියදා වෙළඳපොළට නිකුත් වූ අතර, මේ වන විට ඇපල් හා සැම්සුන් අතර පවත්නා නීතිමය ගැටුම්වඩාත් උණුසුම් වී ඇත.
 
Related Posts with Thumbnails