Ads 468x60px

.

ඊ-නිවුස් නැවතත් බ්ලොක් කරයි

ශී‍්‍ර ලංකා ආණ්ඩුවට එරෙහිව පුවත් පළ කරන ලංකාඊනිව්ස් වෙබ් අඩවියට පිවිසීම අවහිර කර ඇති බවට වන වාර්තා නිසා තැතිගැනීමකට ලක්වූ බව මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ ජාත්‍යන්තර කමිටුව පවසයි.එම වෙබ් අඩවියේ සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි වෙබ් අඩවිවලට පිවිසිය නොහැකි බව එම කමිටුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. 


එම බාධාවන්ට හේතුව ආණ්ඩුවට සමීප මන්තී‍්‍රවරයෙකු සම්බන්ධවූ වෙඩි තැබීමේ සිද්ධියක් ලංකාඊනිව්ස් නිර්භයව වාර්තා කිරීම නිසා බව ලාංකික මාධ්‍යවේදියෙකු එම කමිටුවට කියා ඇත.ආණ්ඩුවට එරෙහිව ස්වාධීන වාර්තාකරණයේ යෙදෙන මාධ්‍ය අතලොස්සකින් එකක් වන ලංකාඊනිව්ස් නිහඬ කිරීම මෙම බාධා කිරීමේ අරමුණ බව මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ ජාත්‍යන්තර කමිටුවේ ආසියා කලාපීය වැඩසටහන් සම්බන්ධීකාරක බොබ් ඩියට්ස් පවසයි.

මාධ්‍යය වාරණය කිරීම ආණ්ඩුව නවතා දැමිය යුතු බවත් මාධ්‍යයට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබාදිය යුතු බවත් ඔහු කියා සිටී.
 
Related Posts with Thumbnails