Ads 468x60px

.

පිරිවැය රුපියල් ලක්ෂ 930ක් - ඇත්තටම Super Six මාරයි ද?

මේ දවස්වල සෑහෙන කතා බහට ලක්වන සුපර් සික්ස් ෆිල්ම් එක ගැන දැන කියා ගන්න අපි කතා කළා ඒ ෆිල්ම් ඒකේ ඩිරෙක්ටර් උදාර පල්ලියගුරුට.කොහොමද ෆිල්ම් එකේ මේ දවස්වල කටයුතු. ?
අපි දැන් චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක කටයුතු ආරම්භ කරලයි තියෙනනේ.





Super Six Movie
ඇත්තටම සුපර් සික්ස් ෆිල්ම් එක මෙච්චරටම ප‍්‍රමෝට් කරන්න හේතුව මොකක්ද ?
ඒක බොහොම පැහැදිලි කරුණක්. සුපර් සික්ස් තමයි ලංකාවේ වැඩිම පිරිවැයක් දරලා නිෂ්පාදනය කරපු චිත‍්‍රපටය, රුපියල් ලක්ෂ 930ක්. ඉතින් මේ පිරිවැය සෙවීමේ කාර්යයේදි අපිට සිද්ධ වෙනවා මේ ෆිල්ම් එක අස්සක් මුල්ලක් නෑරම ජනතාවට අතරට ගෙනියන්න.
Super Six Movie
ඇයි උදාර මේ වගේ වැඩකට අත ගහන්න හිතුවේ. ?
හැමෝම කියනවා ලංකාවේ සිනමාව වැටිලා තියෙන්නේ කියලා. අපේ පේ‍්‍රක්ෂකයෝ ගොඩාක් බොලිවුඞ්වලට කැමැතියිනේ. සිංහල සිනමාවත් බොලිවුඞ් මට්ටමට ගෙනියන්න තමයි මට  ඕනි.
Super Six Movie
කවුරු හරි කිව්වොත් මේ ෆිල්ම් එක අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නෑ, නිකන් හින්දි ෆිල්ම් කොපි කරලා කියලා ?
මෙහෙමයි අපේ රටේ සංස්කෘතියත් ආවේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් තමයි හැම ආභාෂයක්ම ගත්තේ. අපේ කලාව, මේ හැම දේම ඉන්දියාවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ.
Super Six Movie
Super Six Movie
ඒ කියන්නේ හොද දෙයක් කොපි කළාට කමක් නැහැ. ?
මේක කොපි කිරීමක් නෙමෙයි. සින්දු, කතාව කොපියක් නෙමෙයි. ආභාෂය ලැබුවා විතරයි. අපි මේ ෆිල්ම් එකේ පසුබිම් නර්තනයට සහභාගි කර ගත්තේ ෂාරුක් ඛාන්ගේ නර්තන කණ්ඩායම. සටන් ජවනිකාවලට භාවිතා කළේ අමිර් ඛාන්, රැුජිනි ඛාන්ත්ගේ සටන් අධ්‍යක්ෂකවරයා. ඒ ගුණාත්මක භාවය මේ චිත‍්‍රපටය තුළ තියෙනවා. 

එතකොට උදාර මේ චිත‍්‍රපටයට දැන් තෝරගෙන ඉන්න නළු නිළියන් හොදටම ගැළපෙනවාද?
හරියටම ගැළපෙනවා කියලා හිතනවා. නළු නිළියන් තෝරා ගැනීම පැහැදිලි කළොතින්, ....  අපේ ෆිල්ම් එකේ රොෂාන් රණවන ඉන්නවා. රොෂාන් කියන්නේ උස නළුවෙක්. හැමදාම රොෂාන් එක්ක රගපාන්නේ මිටි නිළියෝ. ඒ උනාට අපි මේ ෆිල්ම් එකේ රොෂාන්ට ගැළපෙනම නිළියක් තෝරා ගත්තා. ඒ අරුණි රාජපක්ෂ. ඒ විදියට අපි සාරංග, පබෝධා වගේ තව ගොඩක් තරුණ නළු නිළියන් ඒ වගේ ප‍්‍රවීනයින් ද මේ චිත‍්‍රපටය දායක කර ගත්තා.

සෑහෙන වියදමක් කරලා නිර්මාණය කරපු මේ ෆිල්ම් එකට වියදම් කරපු මුදල ශ‍්‍රී ලාංකික පේ‍්‍රක්ෂකයින්ගෙන් උපය ගන්න පුළුවන් වෙයිද?
ඒක ලොකු අභියෝගයක්. අපි මේ ෆිල්ම් එක ලංකාවේ වගේම ඉන්දියාවෙත් ප‍්‍රදර්ශනය කරනවා. හින්දියෙන් සින්දු, දෙබස් සේරම හඩ කවලා. මේ ෆිල්ම් එක ලංකාවේ රිලීස් වෙන දවසෙම ඉන්දියාවෙත් රිලීස් වෙනවා.

උදාර මේ ෆිල්ම් එකේ තියෙන තවත් සුවිශේෂී කාරණාවක් තමයි හිරු එෆ්.එම්. ප‍්‍රමුඛ ්ඊක්‍   මාධ්‍ය ජාලය මේ චිත‍්‍රපටයේ නිළ ගුවන් විදුලිය ලෙස තෝරගෙන තියෙනවා. ?
ඇත්තටම ඒක ගොඩක් විශේෂ හේතුවක්. සිනමාකරුවෙක් වගේම මම වෙළෙඳ ප‍්‍රචාරක කටයුතුවල නිතරම යෙදී ඉන්න කෙනෙක්. ඒ නිසා නිරන්තරයෙන්ම රට පුරා සංචාරය කරනවා. එතකොට මම අත්දැකපු දෙයක් තමයි කොහේ ගියත් ඇහෙන්නේ හිරු. ඉතින් මං තීරණය කලා කවදා හරි දවසක ෆිල්ම් එකක් කරනවා නම් මාධ්‍ය සගයා විදියට හිරු තෝර ගන්නවා කියලා. මොකද ගුවන් විදුලි නාලිකාවේ තියෙන සාර්ථකත්වය මගේ චිත‍්‍රපටයට ඈදා ගැනීමෙන් මගේ චිත‍්‍රපටයට ඉමහත් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මම ගොඩාක් ස්තූති කරනවා හිරු එෆ්.එම්. වගේ දැවැන්ත මාධ්‍යයක් මගේ චිත‍්‍රපටය වෙනුවෙන් කටයුතු කරපු එක ගැන.

හරි උදාර ඔබගේ මේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප‍්‍රාර්ථනා කරනවා. 
 
Related Posts with Thumbnails