Ads 468x60px

.

මෙරට ඉහළ පෙළේ සමාගම්වල රැකියා අවස්ථා ගැන වෙබ් අඩවියක්

ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සමාගම්වල රැකියා අවස්ථා ලබාගැනීමට අවශ්‍ය තොරතුරු එක්රැස් කර ගැනීම සඳහා නව වෙබ් අඩවියක් එළිදක්වා තිබේ.බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකා ජාතික වෙළෙඳ මණ්ඩලය විසින් මෙම වෙබ් අඩවිය ආරම්භ කර ඇත. www.nccsl.lk  නම් වන මෙම වෙබ් අඩවිය විවෘත කිරීම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී සිදුකෙරුණු අතර ඒ මඟින් ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සමාගම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා සඳහන් කළේ යුද ගැටුම් අවසන්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ යහපත් ආර්ථික වාතාවරණයක් පවතින බවය.
 
Related Posts with Thumbnails