Ads 468x60px

.

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු‘දෙමටගොඩ අජා’ පැහැරගෙන යයි

‘දෙමටගොඩ අජා’ නමැති මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස ප්‍රකට පාතාල ප්‍රබලයකු ප්‍රතිවිරුද්ධ සන්නද්ධ පාතාල කල්ලියක්‌ විසින් පැහැරගෙන ගොස්‌ ඇතැයි වාර්තා වේ. දෙමටගොඩ මන්සන්ධියේ සිටියදී වෑන් රථයකින් පැමිණ ඇති පාතාල කල්ලිය ගිනි අවි එල්ල කර ‘දෙමට ගොඩ අජා’  පැහැර ගෙන ගොස් තිබේ.පැහැරගනු ලැබූ අජා පිළිබඳ මෙතෙක්‌ කිසිදු තොරතුරක්‌ ලැබී නැති අතර මීට වසර දෙකකට පමණ ඉහතදී මත් කුඩු තොගයක්‌ද රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයකින් සිය බිරිඳ ද සමඟ යමින් සිටියදී පොලිසියට කොටු වූ අජාට එරෙහිව මහාධිකරණයේ නඩුවක්‌ද විභාග වේ.
 
Related Posts with Thumbnails