Ads 468x60px

.

අධිවේගියේ මේ වන විට රිය අනතුරු 8 ක් - අද තවත් රිය අනතුරක්


දක්ෂිණ අධිවේගි මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ  පැවසුවේ අද පෙරවරු 9 ට මෝටර් රථයක් පෙරළීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.තුවාල ලැබූවන් හොරණ මූලික රෝහලට ඇතුලත් කර තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මේ වන විට දක්ෂිණ අධිවේගි මාර්ගයේ රිය අනතුරු 8 ක් සිදුව ඇති බවය.
මාර්ග නිති කඩ කළ  රථ වාහන තුනකට එරෙහිව නඩු පැවරූ බව ද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.සිදුවූ අනතුරු විශ්ලේෂණය කර බලනවිට රියදුරන් කාලගුණික තත්ත්වයන් කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම,ධාවනයේදී වම් පස ධාවන තීරය අනුගමනය නොකිරීම යන හේතු නිසා වැඩි වශයෙන් රිය අනතුරුවලට ලක්වී ඇති බව තහවුරු වී ඇතැයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 
Related Posts with Thumbnails