Ads 468x60px

.

පාතාල සාමාජිකයකු වන නේවි රුවන් පැහැරගෙන

පාතාල සාමාජිකයකු බව කියන රුවන් චන්දිමාල් ඩෙප් හෙවත් නේවි රුවන් නමැති අයත් ඔහුගේ මිතුරෙකුත් සුදුපාට වෑන් රථයකින් පැහැරගැනීමට ලක්ව තිබේ. සිය සැමියා ඊයේ පස්වරුවේ පමණ ධම්මික නමැති මිතුරකුද සමග පැහැරගෙන ගොස් ඇති බවට තමන්ට දැන ගන්නට ලැබුණු බව පවසා ඔහුගේ බිරිඳ අද අලුයම 2.00 ට පමණ වරකාපොළ පොලීසියට පැමිණිලි කර ඇත. මේ පිළිබඳ වරකාපොළ පොලීසියෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු කියා සිටියේ රුවන් නමැති අයෙකු පැහැරගත් බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතත් ඔහු නේවි රුවන්ද යන්න පොලීසිය නොදන්නා බවයි. 

සිරදඬුවම් ලබමින් සිටි නේවි රුවන් මෑතකදී නිදහස්වී පැමිණ මාස 3 ක පමණ කාලයක් තිස්සේ වරකාපොළ ප්‍රදේශයේ අප්‍රසිද්ධියේ ජීවත්ව ඇති බවත්,ඔහු බොහෝ දේශපාලනඥයන් සමීපව ඇසුරු කළ අයෙකු බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
Related Posts with Thumbnails