Ads 468x60px

.

ධවල මන්දිරයට පෙත්සමක් - ෆොන්සේකාට නිදහස දීමට ජනාධිපති සුදානම්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු හමුදාපති සරත්ෆොන්සේකා මහතාගේ පවුලේ සාමාජිකයන් මුණගැසී ෆොන්සේකා මහතා නිදහස් කිරීමට ඇති ඉඩකඩ පිලිබඳ සොයාබැලීමට සුදානම් බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර මහතා කියා සිටිනවා.
ජනාධිපතිතුමා මේ අදහස් පලකොට ඇත්තේ සරත් ෆොන්සේකා මහතාගේ දියණිය වන අප්සරා ෆොන්සේකා ධවල මන්දිරයට පෙත්සමක් ඉදිරිපත් කරන බව දැනගැනීමෙන් පසුවය.
මේ අතර ඇමරිකානු තානාපතිනි පැට්‍රිකා මහත්මිය පසුගියදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත බලකර ඇත්තේ කිසිදු කොන්දේසියකින් තොරව සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙසය.ජනාධිපතිතුමාගේ සමාව දීමට පල කල තීරණය ගැන අදහස් දක්වන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල ජයසේකර මහතා 

"ඒ කාලේ ජනාධිපතිතුමා හිරේ ඉන්නකොට ජනාධිපතිතුමාගේ මව මිය ගියාම ඒ කාලේ පැවති ආණ්ඩුව ජනාධිපතිතුමාට අවමගුල් උත්සවයට යන්න අවසර දුන්නේ නැහැ.උසාවි නියෝගයක් අරන් මළගෙදර ගියේ.
එත් අපි අමතක කරන්න හොඳ නැහැ ෆොන්සේකා මහත්මයාගේ ඥාති දියණියකගේ මළගෙදර යෑම සඳහා ජනාධිපතිතුමා විශේෂ අවසරයක් ලබා දුන්නා.අපි කල්පනා කල යුතුයි මෙම ප්‍රශ්නය දිහා වඩා සානුකම්පිතව බලන්නේ කව්ද කියල.මෙය විසඳාගැනීම සඳහා ෆොන්සේකා මහතා කල යුත්තේ  සැතපුම් දාස් ගණනක් දුරින් තියෙන ධවල මන්දිරයට යෑම වෙනුවට කිසිදු වියදමකින් තොරව අරලියගහ මන්දිරයට පැමිණීමයි."

මේ අතර විජේදාස රාජපක්ෂ මහතාද අනෝමා ෆොන්සේකා මහත්මිය හා පවුලේ උදවිය හම්වූ වී මේ තීරණයට එකඟ වන ලෙස බලපෑම් කරමින් සිටින අතර ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සිටින්නේ රටේ සිදුවන ප්‍රශ්න විදේශයන්ට ගෙන නොගොස්  රට තුලම විසඳාගත යුතු මතයේ වෙයි. අනෝමා ෆොන්සේකා මහත්මිය කිසිදිනක සමාව ඉල්ලීමට සුදානම් නැති බව දන්වමින් ජනාධිපතිට 2010 දී යැවූ ලිපිය බලන්න පහතින්

ගරු ජනාධිපතිතුමනි,

සිංගප්පූරුවේ පළ කෙරෙන "ස්ටේ්රට්ස් ටයිම්ස්"පුවත්පත සමග ඔබතුමා කළ සාකච්ඡාවක් ශ්රී ලංකාවේ පුවත්පත්වල ද පළ වී තිබෙනු මම දුටුවෙමි. එම සාකච්ඡාවේදී,මගේ ආදරණීය සැමියා වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා "දේශපාලනය නුහුරු මෝඩයෙක්"යැයි ඔබ කළ ප්‍රකාශය දැක මම බලවත් සංවේගයට හා කම්පාවට පත්වීමි. එසේ පවසා ඇත්තේ මීට මාස දහයකට පෙර ඔහු ලොව හොඳම හමුදාපති යැයි පැවසූ ඔබතුමා ම දැයි මට සැක සිතේ.

කොටි ත්‍රස්තවාදයෙන් අපේ මව්බිම මුදා ගැනීමෙන් පසු ඔබ සහ ඔබේ ආණ්ඩුව පුන පුනා පැවසුවේ මගේ සැමියා අපේ රටේ හමුදාවන්ට දුන් නායකත්වය හා ඔහුගේ ඥාණාන්විත යුධ සැලසුම් ගැන මුලූ රටටම ආඩම්බර විය හැකි බවයි. එදා යුද ජයග්රහණය සැමරීමට පැවති උත්සවයේ ජයග්රහණයේ කේක් ගෙඩිය කැපීමට සුදුසුම තැනැත්තා ජෙනරාල් ෆොන්සේකා යැයි ඔබ ප්රසිද්ධියේ පවසා ඒ අවස්ථාව ඔහුට ලබාදුන් බව සැමියා මා සමඟ පවසා ඇත. නමුත් ඒ සියල්ල යුද ජයග්රහණයේ උණුසුම මැකී යන්නටත් පෙර ඔබට අමතකවීම සංවේගජනක කාරණයකි.

මගේ සැමියා ඔබ පවසන පරිදි දේශපාලනය පිළිබඳ අවබෝධයක් නැත්තෙකු නම් එවැන්නෙකුට බියවී නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හිර ගත කර බොරු නඩු පටලවමින් සිටින්නේ මන්දැයි මට නම් තේරුම් ගත නොහැකිය. අවුරුදු 30කට ආසන්න කාලයක් මේ රටත් මේ රටේ ජනතාවත් දුකෙන් දුකට පත් කළ බිහිසුනු යුද්ධය නිමාකර නිදහස දිනා දීමට නායකත්වය දුන් රණ ශූරයෙකුට ජාත්යන්තර පුවත්පත් හරහා මෝඩයෙකු යැයි අපහාස කිරීම රටේ ජනාධිපතිවරයෙකුට තරම් නොවේ යැයි මට හැඟේ.

මගේ සැමියා සමඟ ඔහුගේ ආධාරකරුවන් අත්අඩංගුවට ගත්තේ ඔබට හා රජයට එරෙහිව රාජ්ය විරෝධී කුමන්ත්රණයක් කළේ යැයි චෝදනා නඟමින්ය. අද ඒ ආධාරකරුවන් සියළු දෙනාම වාගේ නිදහස් කර හැරීමෙන් පෙනී යන්නේ එම කුමන්ත්රණ චෝදනා පදනම් විරහිත ඒවා බවය. එහෙත් තවමත් මගේ සැමියා හිරකරගෙන සිටීමෙන් පෙනී යන්නේ ඔහු පසුගිය ජනාධිපතිවරණයේ ඡන්ද මංකොල්ලය හෙළිදරව් කොට මේ මහ මැතිවරණයේදී ඔබේ ආණ්ඩුව පරාජය කරනු ඇතැයි බියපත්ව සිටින බව නොවේද?

"ස්ටේ්රට්ස් ටයිම්"පුවත්පත සමඟ පැවති සාකච්ඡාවේදී එම පුවත්පත ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඇති චෝදනා කුමක්දැයි විමසා සිටියත් එම චෝදනා පිළිගත හැකි අයුරින් ඉදිරිපත් කිරීමට ඔබතුමා සමත් වූයේ නැත.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයන් ලෙස කටයුතු කරමින් අරන්තලාවේදී භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීම,ශ්රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට සැදැහැවතුන් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මහා ජන ඝාතන රැසකට දායක වූ පූජනීය ශ්රී දළදා මාලිගාව ඇතුළු වටිනා ඓතිහාසික ස්ථාන බෝම්බ ගසා විනාශ කිරීමට සැළසුම් සකස් කළ කරුණා අම්මාන්,පිල්ලෙයාන්,දයා මාස්ටර්,ජෝජ් මාස්ටර් වැන්නන්ට පදවි තානාන්තර ලබා දී ඇත. කේ.පී. වැනි කොටි නායකයින්ට සියලූ පහසුකම් සලසා දෙමින් සිටී. ඒ අතරම ඔබතුමා කොටි සංවිධානය සමග යුද වැදී,මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකට ගොදුරු වී,සිය බඩවැල් දෝතට ගෙන යළි නැගී සිට,සුවපත් වී යළි යුද පිටියට ගොස් ත්රස්තවාදය පරාජය කළ මගේ සැමියාට සමාව දෙන්නේ නැතැයි ප්රකාශ කිරීම ගැන ද මම පුදුමයට පත් නොවෙමි.

හමුදාවෙන් දෙසීයක් පමණ පැමිණ මගේ සැමියා කුදලාගෙන ගෙන ගිය මොහොතේ පටන් සුළං පොදක්වත් නොඑන ලෙස ලෑලි ගැසූ කාමරයක සිර කරගෙන ඔහුට දෙන වද වේදනාත් ඔබගේ හෘද සාක්ෂියට වද දෙන කරුණක් වෙනවා නොඅනුමානයි. රට වෙනුවෙන් මෙතරම් සේවයක් කළ අයකුට මේ ආකාරයේ ඉරණමක් අත්වීම පිළිබඳ උදාහරණයක් මම ලොව අන් කිසිදු රටකින් අසා නැත. රට වෙනුවෙන් කැපකිරීම් හා පරිත්යාගයන් සිදු කරන අයකුට මෙවැනි හිරිහැරවලට බඳුන්වීමට සිදු වන තත්වයක් යටතේ අනාගතයේදීවත් රට වෙනුවෙන් ඉදිරියට ඒමට කිසිවකු හෝ ඉදිරි පත් වේ දැයි සැක සහිතය. මේ සිදුවී ඇති දේ මගේ සැමියාට සිදු වූ පෞද්ගලික හිරිහැරයක් නොව මුළු රටටම සිදු වූ දැවැන්ත හානියක් වන්නේ ඒ නිසාය.

මෙවර සිංහල හින්දු අලූත් අවුරුද්ද එක්සේසත් ශ්රී ලංකාවක් තුළ සමරන්නට අවස්ථාව උදා කරන බවට මගේ සැමියා ජනතාවට පොරොන්දු විය. ඔහු ඒ පොරොන්දුව අකුරටම ඉටු කළේය. රටේ ජනතාවට මෙන්ම ඔබේ පවුලේ අයටත් මගේ සැමියා ඇතුළු රණවිරුවන් නිසා මෙවර අලූත් අවුරුද්ද සැමරීමට හැකි වී තිබේ. එහෙත් අපේ පවුලට වසර 30කට පෙර මෙන්ම මෙදාත් පවුලේ සැමට එකට එක් වී අවුරුදු සැමරීමට ඇති අවස්ථාව ඔබතුමාගේ මැදිහත්වීම මත අහිමි කර ඇත.

ගරු ජනාධිපතිතුමනි,ඔබ "ස්ටේ්රට්ස් ටයිම්ස්"පුවත්පතට තව දුරටත් ප්රකාශ කර තිබූ ආකාරයට ෆොන්සේකාට වේලාසනින් සමාවක් දීමට ඉඩක් නැති බවයි. මහජන ඡන්දයෙන් තේරී පත්වූ රටේ විධායක ජනාධිපති වරයා ලෙස සිටින ඔබ ස්වාධීන අධිකරණයක් පවතින බව පැවසෙන රටක නඩු තීන්දුවක් දීමට පෙර නඩුවේ විත්තිකරුට සමාවක් දීමට ඉඩක් නැතැයි පැවසීමෙන් මගේ සැමියාට විරුද්ධව නඩුවේ තීන්දුව ඔබ විසින් දැනටමත් ලියා ඇති බව ගම්ය වේ. ඒ කෙසේ වෙතත් මගේ සැමියා කිසිදිනෙක ඔබෙන් සමාවක් නම් අයදින්නේ නැති බව මට සහතිකය. මක්නිසාද ඔහු කිසිදිනෙක දඬුවම් ලැබිය හැකි වරදක් කර නැති නිසාය.

මෙයට,
අනෝමා ෆොන්සේකා

 
Related Posts with Thumbnails