Ads 468x60px

.

උමයංගනා ගාමන්ට් යයි

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළි උමයංගනා වික‍්‍රමසිංහ ඇඟලූම් කර්මාන්තයේ ප‍්‍රවර්ධනය උදෙසා වන වැඩසටහනකට සම්බන්ධවී ඇතැයි වාර්තා වේ.උමයංගනාට පැවරී ඇත්තේ එම කර්මාන්තයේ නියැලී සිටින පිරිසට වෘත්තීය මට්ටම එහි වටිනාකම පිළිබඳව දැනුම්වත් කිරීමේ දේශන සඳහා සහභාගිවීම බවද පැවසේ.මෙම වැඩසටහන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය මඟින් සිදුකෙරෙන කාර්යයක් බවද වාර්තා වේ.අදාළ වැඩසටහන යටතේ දිවයින පුරාම පිහිටි ඇඟලූම් කර්මාන්ත තිබෙන දිස්ත‍්‍රික්කවලට ගොස් මේ දැනුවත් කිරීම සිදු කරන බවත් එයට තවත් කලාකරුවන් කිහිප දෙනකුම එක්ව සිටින බවත්, උමයංගනා මාධ්‍යට පවසා තිබේ. කෙසේවුවද ඇය ටෙලිනාට්‍ය රංගනය අත්හැර නැති බවත්, පසුගිය කාලයේදි ටෙලි නට්‍ය කිහිපයකට සම්බන්ධ වූ බවත් ඇය පවසන්නීය.
 
Related Posts with Thumbnails