Ads 468x60px

.

නාමල් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ දිවුරුම් දෙයි

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (15) පෙරවරුවේ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ දී නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.අළුත්කඩේ අධිකරණ සංකීර්ණයේ පැවැති මෙම උත්සව අවස්ථාව සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වූහ.


ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය නිම කළ නාමල් රාජපක්ෂ මහතා ලන්ඩනයේ සිටි යුනිවසිටියෙන් නීතිවේදය පිළිබඳ උපාධිය ලබාගැනීමෙන් පසු,  ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් පරීක්ෂණයෙන් අනතුරුව, නීතීඥවරයකු ලෙස අද දිවුරුම් දෙනු ලැබීය.ඔහු සමතවත් නීතීඥවරුන් නව දෙනෙකු  නීතීඥවරුන් ලෙස දිවුරුම් දුන්හ.

දිවුරුම් දීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට, ජනාධිපතිතුමා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සුභ පැතූ අතර, යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ යන සොහොයුරන් දෙදෙනා ද, කතානායක චමල් රාජපක්ෂ මහතා, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීන් බොහෝ පිරිසක්අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද, හිතවතුන් පිරිසක් ද  සුභ පැතීම සඳහා එක්ව සිටියහ.
 
Related Posts with Thumbnails