Ads 468x60px

.

රාවතාවත්ත කන්‍යා සොහොයුරිය සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස්

ළමාරක්ෂක අධිකාරී පනත උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ මොරටුව - රාවතාවත්ත  ප‍්‍රදේශයේ ළමා නිවාසයේ භරකාර ඉන්දීය ජාතික ප‍්‍රධාන කන්‍යා සොයුරිය නිදොස් කර මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඉවෝන් ප‍්‍රනාන්දු මෙනවිය අද (15) නියෝග කළාය.මෙම කන්‍යා සොහොයුරිය නිදහස් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව ළමා රක්ෂණ අධිකාරිය
අධිකරණයට දැන්වීමෙන් පසුව ඇය මුදා හැරීමට මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.මීට අමතරව, ඇයගේ විදේශ ගමන් බලපත‍්‍රය මුදාහරින ලෙද නියෝග කළ මහේස්ත‍්‍රාත්වරිය පරීක්ෂණ සඳහා ළමා රක්ෂණ අධිකාරිය භාරයට ගත් අදාළ ළමා නිවාසයේ සියලූ ලේඛන මුදාහරින ලෙස ද නියෝග කළාය.

මෙම ළමා නිවාසයේ කුලවැද්දීමේ දී කිසිදු නීතිවිරෝධී ක‍්‍රියාවක් සිදුවී නොමැති බවද රහස් පොලිසිය අද අධිකරණයට දැන්වීය. පොලිස්පතිවරයාගේ නිවේදනයක් අනුව මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකළ බව රහස් පොලිසියේ නිලධාරීන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

එම පරීක්ෂණයේ දී අදාළ ළමා නිවාසයේ දරුවන් දේශීය හා විදේශීයව කුලවැද්දීමේ දී කිසිදු නීතිවිරෝධී ක‍්‍රියාවක් සිදුවී නොමැති බවසඳහන් පැවසීය.අදාළ ළමා නිවාසයේ දරුවන් ලියාපදිංචිකිරීමක් සිදුවී නොමැති නම් එසේ සිදුවී ඇත්තේ නිවැරදි තොරතුරු නොමැති නිසා බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.මෙම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ කන්‍යා සොහොයුරියඅද අධිකරණය හමුවෙහි පෙනී සිටියාය.
 
Related Posts with Thumbnails