Ads 468x60px

.

නෙළුම් පොකුණ විවෘත වූ වගයි

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකළ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අද(15) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත විය. පොළාන්නරුව ඓතිහාසික නෙළුම් පොකුණ ආකෘතියට අනුව කොළඹ පැරණි නොමැන්ස් ක්‍රීඩා පිටිය භූමියේ මෙම නව රඟහල ඉදිකර ඇත.

රුපියල් බිලියන 3 ට අධික වියදමකින් සකස් කර ඇති මෙම රංග ශාලාවේ ප්‍රධාන ශ්‍රවණාගාරය ආසන 1288 න් සමන්විතය. ඊට අමතරව උඩුමහලේ එළිමහන් රංග පීඨයක්, පුස්තකාලයක්, කලාකරුවන්ගේ පුහුණු මධ්‍යස්ථානයක්, වේශ නිරූපණාගාරයක්, විවේකාගාරයක් සහ ආපනශාලාවකින් ද මෙම රඟහල අංග සම්පූර්ණ වී තිබේ. චලනය කළ හැකි වේදිකා, උසස් තාක්ෂණයෙන් යුතු ශබ්ද පරිපාලන උපකරණ හා ආලෝක උපකරණ මෙහි විශේෂත්වයකි.

1911 වසරේ දෙසැම්බර් මස 15 වැනි දින ටවර් රඟහල විවෘත කර වසර සියයක් සපිරෙන මොහොතේ නෙළුම් පොකුණ විවෘත කිරීමට ලැබීම ඓතිහාසික අවස්ථාවක් වේ. මේ අතර කොළඹ හෝර්ටන් වටරවුමේ සිට මහජන පුස්තකාල වටරවුම දක්වා මාර්ගට නෙළුම් පොකුණ මාවත ලෙස නම් කෙරුණි.
ඊට අමතරව මාකස් ප්‍රනාන්දු මාවතේ සිට නෙළුම් පොකුණ රංග ශාලාව දක්වා වූ ප්‍රදේශ‍ය නෙළුම් පොකුණ චතුරශ්‍රය ලෙස ද නම් කෙරුණි.

වසර තිහක ශෝකාන්ත නාටකය අවසන් කොට සුඛාන්ත නාටකය රඟ දක්වන යුගය එළඹී ඇතැයි මහින්ද රාජපක්ෂ ජනපති නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ප‍්‍රසංග කලා රඟහල විවෘත කරමින් පැවැසීය. නොමෑඞ් පිටියේ ඉදිකළ මේ කලාගාරය චීන රජයේ තෑග්ගකි. පොළොන්නරු පූජා නගරයේ නෙළුම් පොකුණේ හැඩය ගන්නා මේ කලාගාරය ඉදිකිරීමට වැයවූ මුදල රුපියල් කෝටි 300කි. රටේ ජනතාවගේ භෞතික සම්පත් ගොඩ නගනවා සේම ප‍්‍රඥාවන්ත ජනකොටසක් බිහිකළ යුතුයි. ඒ සඳහා මේ රඟහල උපකාරි වේවි.





 
 




 
Related Posts with Thumbnails