Ads 468x60px

.

බැට් මෑන්ට පහර පිට පහර දීලා

පසුගිය දිනක චීනයේ සංචාරයක නිරත වුනු "ද ඩාර්ක් නයිට්" බැට්මෑන් චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය කි‍්‍රස්ටෝෆර් බේල් එහිදි අමිහිරි අත්දැකීමකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.බේල් ගේ අළුත්චිත‍්‍රපටය වන ’ද ෆ්ලවර්ස් ඔෆ් වෝ’ හි ප‍්‍රවර්ධන කටයුතු සඳහා චීනයේ සංචාරයක යෙදුනු බේල්, එරට ප‍්‍රසිද්ධ කි‍්‍රයාකාරියෙකු වන චෙන් ග්වාන්චෙන් නිවාස අඩස්සියේ රඳවා සිටින ලින්යී නගරයට ගොස් තිබේ.ඔහුගේ ගමනට සී.එන්.එන්. පුවත්සේවයේ මාධ්‍යවේදී කණ්ඩායමක්එක්ව ඇත.

චීනයේ ජනගහනය පාලනය කිරීමේ අරමුණින් බලහත්කාරයෙන් සිදුවන ගබ්සා පිළිබඳව හෙලි කිරීමෙන් අනතුරුව, අන්ධ කි‍්‍රයාකාරියෙකු වන චෙන් ග්වාන් චෙන් මෙලෙස නිවාස අඩස්සියේ රඳවා ඇත.’ද ෆ්ලවර්ස් ඔෆ් වෝ’ රූගතකිරීම් සඳහා මීට කලින් චීනයට පැමිණි අවස්ථාවේදී චෙන් ග්වාන්චෙන්ගේ කතාපුවත පිළිබඳ දැනගැනීමෙන් අනතුරුව හැඟීම්බර වී ඇති බේල් හට චෙන් ග්වාන්චෙන් හමුවීමට තැමැත්තෙන් පසුවී ඇත.

කෙසේ වෙතත්, චෙන් ග්වාන්චෙන් හමුවීමට මෙම පිරිසට එහි සිටි චීන ආරක්‍ෂක නිලධාරීන් අවසර ලබාදී නොමැති අතර, ඔවුන්ට මෙහිදී ආරක්‍ෂක නිලධාරීන් විසින් පහරදී ඇතැයිවාර්තා වේ.එතැනින් නොනැවතී ඇති ඔවුන් බේල් හා සී.එන්.එන්. මාධ්‍යවේදීන් ගමන්කළ වෑන් රථය පසුපස විනාඩි 40ක් පමණ ලූහුබැඳ ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

 
Related Posts with Thumbnails