Ads 468x60px

.

නිව්යෝර්ක්හි රිය අනතුරකට ලක් වූ රූකාන්තට අසාධ්‍යක් නැතිලු

ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය ගායක රූකාන්ත ගුණතිලක මහතා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී රිය අනතුරකට භාජනය වී ඇතැයි වාර්තා වේ.නිව්යෝර්ක් නුවර ස්ටැටර්න් අයිලන්ඞ්හි ඇල්බා දේවස්ථානයේ පූජාවකට සහභාගී වී ආපසු යන අවස්ථාවේදීමහතා මෙම අනතුරට ලක්වී ඇතැයි නිව්යෝර්ක් නුවර තානාපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රූකාන්ත ගුණතිලක මහතාගේ තත්ත්වය එතරම් අසාධ්‍ය නොවන බව වාර්තා වන අතර ඔහු මේ වන විට රිච්මන්ඞ් යුනිවර්සිටි මෙඩිකල් සෙන්ටර් හි ප‍්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීව කටයුතු කිරීම හේතුවෙන් පීඩාවට ලක්වූ රූකාන්ත ගුණතිලක මහතා දේශපාලන රැකවරණ මත ඇමරිකාවේ ස්ටැටර්න් අයිලන්ඞ් හි කලක් වාසය කළේය.

පසුව මෑතකදී ජාතික රූපවාහිනියේ සංගීත අංශයේ ප‍්‍රධානියෙකු ලෙස කටයුතු කළමහතා ඉන් ඉවත්වී සියත මාධ්‍ය ආයතනයේ සේවයට එක් විය.
 
Related Posts with Thumbnails