Ads 468x60px

.

ෆොන්සේකාගේ දසලක්‍ෂයේ පෙත්සමට මුල් දිනයේම අත්සන් ලක්ෂයක්

සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම වෙනුවෙන් අප්සරා ෆොන්සේකා මෙනවිය ධවල මන්දිඑයට ඉදිරිපත්කල පෙත්සමට මේවනවිට අත්සන් 20,000 කට වැඩි ප්‍රමාණයක් එකතුවී ඇති අතර එක්සත් ජාතින් සඳහා විපක්ෂ නායක වරයා ඉදිරිපත්කිරීමට යන අත්සන් දසලක්‍ෂයේ පෙත්සමට මුල් දිනයේම අත්සන් ලක්ෂයකට වඩා එකතු වී තිබිණි.




තම පවුලේ අය හැර වෙනත් ඕනෑම පාර්ශවයක් තමන් වෙනුවෙන් ජනාධිපති සමාව ඉල්ලන්නේ නම් ඊට තමා විරුද්ධත්වයක් නොමැති බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශකොට තිබේ. එතුමා මෙම අදහස් ප්‍රකාශ කොට තිබුනේ එතුමා බැලීමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසකටයි.

මේ අනුව ජනපති සමාව සඳහා විපක්ෂ නායකවරයා විසින් සිදුකරන අදාළ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ කටයුත්ත ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් සිදුකිරීමටසුදානම් වන බව වාර්තා වේ.සරත් ෆොන්සේකා මහතගේ 61 වන උපන් දිනය 18 දින දී තිබෙනවා.

මේ අනුව එක්සත් වූ එක්සත් ජාතික පක්‍ෂයක් සමග අනාගතයේදී රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට, වැඩ කිරීමට කැමැති බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා තමාට පැවැසී යැයි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා පවසයි.ෆොන්සේකා මහතාගේ 61 වන  උපන් දිනයට සුබ පැතීම සඳහා සජිත් පේ‍්‍රමදාස හා දයාසිරි ජයසේකර මන්ත‍්‍රීන් සමග වැලිකඩ බන්ධනාගාරයට ගොස් පැමිණීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතා ඔහු එසේ පැවසිය.


සරත් පොන්සේකා මහතා ජනපති සමාව යටතේ 2012 වසර ආරම්භයේදී හිරෙන් නිදහස් කරතියි රජයේ ඉහල පෙළේ ආරංචි කියයි. මේ අනුව ඔහු 2012 ජනවාරි 01 වැනිදා නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි සඳහන් කරයි.මේ අතර මල්වතු අස්ගිරි මහානාහිමි වරුන් ඇතුළු පාර්ශව ගණනාවක් පොන්සේකාට නිදහස දෙන ලෙස ඉල්ලා තිබිණි. පොන්සේකාගේ බෑනාවන දණුන තිලකරත්නගේ හයිකෝප් සමාගමේ යුද හමුදාවට උපකරණ කීපයක් මිලට ගත්තැයි දෙවැනි යුද්ධාධිකරණයෙන් වැරැදිකරු වූ පොන්සේකාට මාස 30ක සිර දඬුවමක් නියම විය.

ඒ සමග ඔහුගේ මන්ත‍්‍රීධූරයද අහිමිවිය. යුද්ධයේ අවසන් දිනවල සුදුකොඩි රැගෙන එන කොටි නායකයින් වෙඩි තබා මරා දමන්නැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළැයි කියන ප‍්‍රකාශයක් සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළවීම සම්බන්ධයෙන් පොන්සේකාට එරෙහිව පැවැති නඩු විභාගයකින් පසුව ඔහුට රුපියල් 5000ක දඩයක් නියම කර තවත් තුන් වසරකට සිරගෙට නියමවිය.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනපතිට පැවරෙන බලතල යටතේ ඔහුට නිදහස ලැබෙතියි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා පැවැසුවේ සමාව ලබාදීම පිළිබඳව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග කීප වරක් සාකච්ඡා කළ බවත් ඊට ඇති ගැටළු ගැන අවධානය යොමුකළ බවත් එහෙත් පැවැති සාකච්ඡුා මොනවාදැයි හෙළිකළ නොහැකි බවත්ය.
 
Related Posts with Thumbnails