Ads 468x60px

.

ජනාධිපතිවරයාගෙන් නාමල්ට පොරොන්දුවක්

ඉදිරි කැබිනට් සංශෝධනයේදී තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යධූරය ලබා දෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතාට අද පෙරවරුවේ පොරොන්දු වූ බව තාරුණ්‍යට හෙටක් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප වෙත පැවසීය.නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීතඥයකු ලෙස දිවුරුම් දීම සඳහා නිවසින් පිටවෙන මොහොතේ ජනාධිපති ආර්යාව ඉදිරියේදී ජනාධිපතිවරයා තම පුත්‍රයාට එම පොරොන්දුව දෙමින් ලියුම් කවරයක බහාලු විශේෂ
ලිපියක්ද ඔහු අතට ලබා දී තිබේ.


ඉදිරි කැබිනට් සංශෝධනයේ නාමල් රාජපක්ෂ මහතාට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණද, තම පුත්‍රයාට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙන ලෙස ජනාධිපති ආර්යාව පසුගියදා ජනාධිපතිවරයාට බලපෑම් කර තිබේ. නීතිඥයකුවීමට සුදුසුකම් ලබා ඇති තම පුත්‍රයා ඕනෑම ප්‍රබල ඇමති ධූරයක වගකීම් දැරීමට තරම් මුහුකුරා ගොස් ඇති බව ජනාධිපති ආර්යාව ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත.

නැකැත් වේලාවට අනුව ජනාධිපතිවරයා තම පවුලේ සාමාජිකයින් සමඟ අධිකරණ සංකීර්ණයට පැමිණෙන තෙක් අගවිනිසුරුවරිය හා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයන් දෙදෙනා තම අසුන්වලට වී පැය ගණනක් කල්මරමින් සිට ඇත.නාමල් රාජපක්ෂ මහතා නීතිඥයකු ලෙස දිවුරුම් දෙන අවස්ථාවකට බැසිල් රාජපක්ෂ මහතා පැමිණ සිටියද ජනාධිපති ආර්යාව ඔහුගේ මුහුණ දෙස හෝ නොබැලීමට ප්‍රවේශම් සහගත විය.

 
Related Posts with Thumbnails