Ads 468x60px

.

මිතුරියගෙන් පළිගන්න පුස් පැටියෙක් රෝස් කරලා

පළිගැනීමක් වශයෙන් පූස් පැටියකු මයික්‍රොවේව් උඳුනක ලා මරණයට පත් කළ බ්‍රිතාන්‍ය කාන්තාවක පෙරේදා දින 168 කට බන්ධනාගාර ගත කර තිබේ.31 හැවිරිදි ගිනා රොබින්ස් නම් ඇය සති 10 ක් වයසැති සුදු කළු බළල් පැටියා මයික්‍රොවේව් උඳුනේ ලා ඇත්තේ ඇයගේ සහායිකාවක් සම්බන්ධයෙන් ඇගේ මිතුරියක වන සරානට්න් විසින් පොලීසියට පැමිණිලි කිරීමට පළිගැනීමක් වශයෙනි.


ඒ අනුව සරානට්න් ගේ නිවසේදී ම රොබින්ස් විසින් මේ අපරාධය සිදුකර ඇත.මේ අපරාධය සම්බන්ධයෙන් පැවති එක්දින නඩු විභාගයෙන් පසු ඇයගේ පෙර වැරැදි නැති හෙයින් දින 168 කට ඇය සිරගත කරන බව ප්‍රකාශ වී තිබේ.ඒ සමඟම තවත් දස වසරකට ඇයට සතුන් ඇතිකිරීම ද තහනම් කෙරිණ.බළල් පැටියා ගේ මරණයෙන් පසුදින සිය මිතුරුදම අවසන් බව පවසමින් ඇය සරානට්න් වෙත පණිවුඩයක් යවා ඇති අතර නඩු විභාගයේදී පවසා ඇත්තේ මයික්‍රොවේව් උදුන ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වන්නක් වන බැවින් එතුළට බළල් පැටියා ඇතුළු වීමෙන් පසු ඉබේම එහි දොර වැසී ඇති බව හා තවත් බළලෙකු අතින් අහම්බෙන් එය පණ ගැන්වී ඇති බවය. එහෙත් ඇයගේ සාක්ෂිය ඇදහිය නොහෙන්නක් බව අධිකරණයෙන් පැවසී ඇත.
 
Related Posts with Thumbnails