Ads 468x60px

.

රාවතාවත්ත සිද්දියෙන් අධිකරණය නොමග යැව්වා දැයි සැකයක්..?

මොරටුව රාවතාවත්ත පේ‍්‍රම් ළමා නිවාසයේ දරුවන් විකිනීමේ ජාවාරමක යෙදී ඇති බවට තොරතුරු ඇතැයි ළමා ආරක්‍ෂක අධිකාරිය පසුගිය දිනක රටට හෙළි කරන ලදී. මොරටුව රාවතාවත්ත පේ‍්‍රම් ළමා නිවාසයේ දරුවන් විකිනීමේ ජාවාරමක සිද්ධියකට අධිකරණය දුන් තීන්දුව කිසියම් පාර්ශ්වයක් විසින් සාක්‍ෂි යටපත් කර අධිකරණය නොමඟ යැවීමක ප‍්‍රතිපලයක් විය හැකි බව ජාතික හෙළ උරුමය පවසයි. එහි නායක පූජ්‍ය  ඕමල්පේ සෝපිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වේ.



 මහත් ආන්දෝලනයකට පත් එම පුවත සම්බන්ධව රටේම අවධානය යොමු විය. මෙම සිද්ධිය සම්බන්ධව ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් පුළුල් විමර්ෂණයක නිරත වෙමින් සිටියදී අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් ”මිෂනරි ඔෆ් චැරිටි” දුත සේවාවේ කටයුතු වලට එරෙහිව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය ගෙන යන වැඩපිළිවෙලට තමන් නිල වශයෙන් විරෝධය පළ කරන බවත් එළබෙන නත්තල් සමයේ කිසිදු රාජ්‍ය උළෙලකට සහභාගි නොවන බවත් ප‍්‍රකාශ කර සිටින ලදී.

රටේ පවතින පොදු නීතිය අනුව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය පේ‍්‍රම් ළමා නිවාසයට විරුද්ධව අධිකරණයේ නඩුවක් ගොනු කර තිබූ අවස්ථාවක අගරදගුරුතුමාගේ එම තර්ජනාත්මක ප‍්‍රකාශය නීති ගරුක, විනය ගරුක සමාජය අනුමත නොකලහ. ස්වාධීන පරීක්‍ෂණයකින් හෝ අධිකරණමය තීන්දුවකින් සත්‍ය අසත්‍යතාවය රටට හෙළිදරව් වීමට පෙර මෙම පරීක්‍ෂණ නවතා දමන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් විසින් රජයට හා ළමා ආරක්‍ෂණ අධිකාරියට දැඩි බලපෑම් එල්ල කලේ කුමන පදනමක සිටද යන්න පැහැදිලි කරගත යුතුව ඇත.

එනමුත් අධිකරණ තීන්දුව ලබා දීමට පෙර රජයේ වගකිවයුතු ඇමතිවරු කිහිප දෙනෙක් අගරදගුරු තුමාගෙන් සමාව අයැද සිටියේ  ඇයිද යන්න ප‍්‍රශ්ණයකි. අධිකරණමය තීන්දු අප කිසිසේත් ප‍්‍රශ්ණ කිරීමකට හෝ අභියෝගයකට ලක් නොකරන අතර ළමා ආරක්‍ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවත්වන්නට යෙදුනු පේ‍්‍රම් ළමා නිවාසයට එරෙහි පරීක්‍ෂණ පොලීසියට හා රහස් පොලීසියට භාර දුන්නේ ඇයිද යන්න නැවත සිතා බැලිය යුත්තකි. එම පරීක්‍ෂණ නොමග යැවීමට හෝ යටපත් කිරීමට යම්කිසි අදිසි හස්තයක් ක‍්‍රියාත්මක වී ඇති බව ඉතාම පැහැදිලිය.

එසේම පේ‍්‍රම් ළමා නිවාසය නීති විරෝධී බවට සාක්‍ෂි ඉදිරිපත් කල ළමා අරක්‍ෂක අධිකාරියට අධිකරණය හමුවේ මුනිවත රැුකීමට සිදුවූයේ  ඇයිද යන්නත්, ප‍්‍රශ්න කළ යුතුව ඇත. ස්වාධීන පරීක්‍ෂණයක යෙදී සිටි එම නිළධාරීන් වෙත එල්ල කෙරුණු තර්ජන ගර්ජන හමුවේ ඔවුන්ට නිහඬව සිටින්නට සිදුවූවාද? කරුණු මෙසේ හෙයින් මේ රටේ අධිකරණයේ ස්වාධිපත්‍ය අභියෝගයට ලක්වී ඇති ආකාරය සම්බන්ධයෙන්  මධ්‍යස්ත මතධාරීන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.ආචාර්ය්‍ය  ඕමල්පේ සෝභිත හිමි නායක. ජාතික හෙළ උරුමය
 
Related Posts with Thumbnails