Ads 468x60px

.

කිලී මහරාජා මල්වතු මහනායක ධුරයට – රනිල්

එජාප නායකත්වය ලබා ගැනීමට නොහැකි වූ කිලී රාජා මහේන්ද්‍රන් මල්වතු විහාරය සහ මල්වතු පාර්ශ්වයේ මහනායකධුරය ලබා ගැනීමට උත්සාහ දරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
භික්ෂූන් වහන්සේගෙන් තමා වෙත එල්ල වන යම් බලපෑම් පිළිබඳ නිරන්තරයෙන් සිය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් හෙතෙම මෙම
ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නේ යැයිද පවසන විපක්ෂ නායකවරයා මෙම ක්‍රියාවලියට කිසිසේත් ඉඩ නොදෙන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

බුදු දහම පිළිබඳ මෙතරම් උනන්දුවක් වෙත්නම් දහම් පාසලකට ගොස් බුදු දහම ඉගෙන ගන්නැයි තමා කිලී රාජා මහේන්ද්‍රන්ට පවසන බවත් කිලී රාජා මහේන්ද්‍රන් ගේ ගෝල බාලයින් කැළණිය රාජ මහා විහාරයේ දහම් පාසලට ඇතුළත් කිරීමට සුදුසු බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
 
Related Posts with Thumbnails