Ads 468x60px

.

අහසින් වැටුණු මැඩියන්, මසුන් ගැන අහල තිබුනත් ඇපල් වැස්සක් ගැන අහල තියෙනවද

මේ, යුරෝපයේ හිම වැටෙන ඍතුවයි. එහෙත් මේදිනවල ඇදහැලෙන හිමවැසි වලට අමතරව වෙනස් ආකාරයේ වැස්සක් පසුගියදා එංගල න්තයෙන් වාර්තා විය. ඒ, ඇපල් වැස්සකි.පසුගියදා එංගලන්තයේ කොවන්ටි‍්‍ර නගරයට හදිසියේ ඇදහැලූනු මෙම ඇපල් වැස්සෙන් එම නගරයේ වැසියන් දැඩි විස්මයට පත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ඇපල් වෙනත් ප‍්‍රදේශයකදී පොළොවට පතිත වූ සුළි සුළඟකට අසුව ඇතැයි සැකකෙරේකෙසේ වුවද මෙම හදිසි ඇපල් වැස්සට හේතුව මේ දක්වා හෙළි වී නැත.අහසින් වැටුණු මැඩියන්, මසුන් හා ඉස්ගෙඩි පිළිබඳව මීට කලින් ලොව බොහෝ ප‍්‍රදේශ වලින් වාර්තා වී ඇත.
 
 
Related Posts with Thumbnails