Ads 468x60px

.

හාර්ට් බැක් සංගීත කණ්ඩායමේ තිදෙනෙකුට මරු කැඳවූ මාරක රිය අනතුර

හලාවත - පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේදී අද (17) අලූයම සිදුවූ රිය අනතුරකින් හලාවත 'හාර්ට්බැක්සංගීත කණ්ඩායමේ තරුණයන් තුන් දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත. හලාවත ආරච්චිකට්ටුවෙදි අද(17)පාන්දර 3ට පමණ වෑන් රථයක් සහ ලොරි රථයක්
මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියි.

ලොරි රථයේ රියදුරු සහ සහායකතුවාල ලබා ඇති අතර  තුවාල ලැබූ අනෙක් පස් දෙනා වෑන් රථයේ ගමන් ගත් සංගීත කණ්ඩායම් සාමාජිකයෝ වෙති. තුවාලකරුවන් සියලුදෙනා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.'හාර්ට්බැක්' සංගීත කණ්ඩායම පුත්තලමේ විවාහ මංගල්‍ය උත්සවයකට සංගීතය සපයන්නට ගොස් එමින්  සිටියදී මෙම අනතුර ලක්වී ඇත.මියගිය  තරුණයන් තිදෙනා  හලාවත අලූත්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ය.ඔවුන් තම්බෝව ප‍්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තාවේ.
 
Related Posts with Thumbnails