Ads 468x60px

.

ජැකලින් ගැන කවූරුත් නොදන්නා කරුණක්...!

හිටපු රූ රැජිනක් හා බොලිවුඞ් නිළියක් වන ජැකලින් බොහෝ දෙනා අතර ජනපි‍්‍රය චරිතයක් වුවද, ඇය පිළිබඳව වැඩිදෙනෙකු නොදන්නා කරුණක් පසුගියදා හෙළිදරව් විය.   ඒ, ඇය දක්‍ෂ කිමිදුම් කාරියක් බවත්, ගැඹුරු මුහුදේ කිමිදීම සඳහා දැඩි උනනදුවක් දක්වන බවත්ය.ගැඹුරු මුහුදේ කිමිදීම පිළිබඳව තමා තායිලන්තයේ හා ස්පාඤ්ඤ යේ දී පුහුණුව ලැබූ බව ජැකලින් පසුගියදා ඉන්දීය මාධ්‍යවෙත පවසා තිබුණි.

විවිධ රටවල සංචාරයේ යෙදෙන ජැකලින්, සිය සංචාර වලදී තමා අතිශයෙන් පි‍්‍රය කරන ත‍්‍රාසජනක ක‍්‍රීඩාවලට ප‍්‍රමුඛස්ථානය දෙන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.ජැකලින් ගේ මීළඟ සංචාරයේදී මාලෙ දිවයිනයේ ගැඹුරු දියේ සිටින මෝරුන් හා කිමිදීමටත් රාතී‍්‍ර කිමිදීම්වල නිරත වීමටත් අදහස් කර සිටින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
 
Related Posts with Thumbnails