Ads 468x60px

.

තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්න කව්ද අකමැති - බියංකා

වන්දනා හි හිරුණි, උත්පලාහි චතු, නිල්දිය රළ නිලූ හා අවසරයි පියාඹන්න මධුෂිකා ලෙස සතියේ සෑම දිනකම පාහේ ඔබේ ආලින්දයට ගොඩවෙන ඇය නමින් බියංකා ෆොන්සේකා. පසුගිය කාලයේ වැස්‌ස නුඹ වාගේ හි තාරකා හා බාගෙට නෑයෝ ඉල්මා ලෙසත් ඔබේ ආලින්දයට ඇය ගොඩ වැදුණා. තවද ස්‌වර්ණවාහිනියේ ගුඩ් ආෆ්ටර්නූන් ශ්‍රී ලංකා හි නිවේදිකාවක්‌ ලෙසත් ඔබ හමුවට එනවා.
විටෙක නිවේදිකාවක්‌ ලෙසත් තවත් විටෙක නිර්මාණ රැසකින් රංගන ශිල්පිනියක ලෙසත් ඔබ හමුවට එන බියංකාගේ සැබෑ තොරතුරු මොනවාද කියා මේ වෙලාවේ ඔබ විමසනවා ඇති. මේ ඉඩකඩ ඒ වෙනුවෙනි.


බියංකා ඔබේ හැඳින්වීමකින්ම මේ කතාව ඇරඹුවොත් ?
මගේ නම බියංකා ෆොන්සේකා. පාසල් ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. දැනට පදිංචිවෙලා ඉන්නේ කළුබෝවිල.

එතකොට කොහොමද නිළියක්‌ වුණේ ?
මම ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ 2002 වසරේ නිරූපණ ශිල්පිනියක්‌ විදිහට. ඊට පසුව 2007 වසරේ සහාය අධ්‍යක්‍ෂ ප්‍රසන්න වනසිංහගේ බිරිඳගෙන් ආරාධනාවක්‌ ලැබුණා ටෙලි නාට්‍යයක්‌ නිර්මාණය කරනවා එයට සහභාගි වෙන්න කියලා. එතකොට මගේ කැමැත්තක්‌ තිබුණේ නැහැ රඟපාන්න. ඇයගේ බලකිරීම නිසා මට හිතුණා එක ටෙලිනාට්‍යයක රඟපාන්න ඕනෑ කියලා. අයි ලව් යූ ජෙනී කියන ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ.

ඔබට ලැබුණ මුල් අවස්‌ථාවෙන්ම ප්‍රයෝජනයක්‌ ගත්තා කියලා හිතනවාද?
අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයක්‌ ගත්තා.

දැන් ස්‌ථාවරයි කියල ද හිතන්නේ ?
අපොයි එහෙම ස්‌ථාවරයි කියලා හිතන්නේ නැහැ. ස්‌ථාවර වෙන්න තව ගොඩක්‌ දේවල් කරන්න තිබෙනවා.

ඒ මොනවාද?
මම හිතන්නේ තවම මම නවකයි කියලා. චරිතයකට සුදුසුයි කියා මාව තෝරාගන්න අධ්‍යක්‍ෂවරයාට හා ඒ චරිතයට සාධාරණයක්‌ වෙන්න චරිත නිරූපණය කළ යුතුයි. ඒ තුළින් ජනතාවගේ ප්‍රසාදය දිනාගත හැකියි.

අද කාලේ නිළියන් ක්‍ෂේත්‍රයට එන්නේ වැරදි පාරෙන් කියලා ගොඩක්‌ දෙනා කියනවා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ ?
ක්‍ෂේත්‍රයට ලෙහෙසියෙන් ගොඩවෙන්න බොහෝ දෙනා විවිධ දේවල් අනුගමනය කරනවා. එහෙම ඇවිත් මේකෙ වැඩිකල රැඳෙන්න අමාරුයි. දක්‍ෂතාව හා හැකියාව මත ක්‍ෂේත්‍රයට ආපු අයට තමයි කාලයක්‌ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්. ඉතිං මමත් බොහොම හෙමින් ගමනක්‌ යන්නේ. තවම මුල් අවධියේ නිසා තව ගොඩක්‌ දුර යන්න තිබෙනවා.

නිළියක්‌ වෙන්න ඔබ ගත්තු තීරණය හරි කියලා හිතනවාද?
ඇත්තටම මම ගත්තු තීරණය හරි කියලයි හිතන්නේ. ඒකට හේතුව මම නිර්මාණයකට රංගනයෙන් ලබාදෙන දායකත්වය අනුව අධ්‍යක්‍ෂවරයා ඊට දක්‌වන ප්‍රසාදය. ඒත් එක්‌කම මම පෞද්ගලිකවම වාසනාවන්තයි නිළියක්‌ වෙන්න ලැබීම.

පුංචි කාලේ හීන දැක්‌කේ අනාගතයේ කවුරු වෙන්නද?
වෛද්‍යවරියක්‌ වෙන්න තමයි පුංචි කාලේ හීන මැව්වේ.

එතකොට නිළියක්‌ වුණේ ?
නිළියක්‌ වුණේ අහම්බයෙන්. හැබැයි අහම්බයෙන් නිළියක්‌ වුණත් ඒක මට හිමිවුණේ වාසනාවටයි.

මෙතැනට එන්න හැදෑරීමක්‌ කරලා තිබෙනවාද?
විශේෂ හැදෑරීමක්‌ කරලා නැහැ. හැදෑරීම කරන්නේ මම දැන් රංගනයේ යෙදෙන නිර්මාණය තුළිනුයි. ඒ වගේම ප්‍රවීණ නළු නිළියන් සමග වැඩකරද්දී ඔවුන්ගෙන් යම් ගුරුහරුකම් ලබාගන්නවා.

හැදෑරීමක්‌ නැතිව කොහොම ද රඟපාන්නේ ?
හැදැරීමක්‌ අවශ්‍ය නැහැ. නමුත් හැදෑරීමක්‌ කර තිබෙනවා නම් වඩාත් පහසුයි. උපතින්ම පොඩි හැකියාවකුත් ඇති.

බියංකාගේ පවුලේ කට්‌ටිය කිව්වොත් ?
අක්‌කලා දෙන්නයි. තාත්තයි. මගේ අම්මා නැහැ.

මේ ක්‍ෂේත්‍රයේදී ඕනෑම චරිතයක්‌ රඟපාන්න සූදානම්ද ? 
ලැබෙන ඕනෑම චරිතයක්‌ කියන්න බැහැ. මට සුදුසුයි කියා හිතෙන චරිත ලැබුණොත් විතරයි රඟපාන්නේ.

නිළියකගේ හැදියාවට ඇඳුම බලපාන්නේ නැතිද?
තැනට සුදුසු විදිහට ඇඳුම ගලපගන්නවා නම් ඒකෙ වැරැද්දක්‌ මම දකින්නේ නැහැ. අනික නිළියක්‌ වුණහම තැනට සුදුසු විදිහට ටිකක්‌ කැපිලා පෙනෙන්න ඇඳීම වැරැද්දක්‌ නැහැ කියලයි මට හිතෙන්නේ.

ඔබ අඳින්නේ පළඳින්නේ තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්නද?
එහෙම හිතලා විලාසිතා කරන්නේ නැහැ. හැබැයි ලස්‌සනට අඳින්න මමත් ආසයි.

ඔබ කැමැති නැතිද තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්න ?
කැමැතියි. ඒකට කවුරුත් කැමැතිනේ.

දැන් ඉතිං ඔබට වැඩිපුර ආකර්ෂණය වුණ තරුණයන් එහෙමත් ඇති නේද?
ඔව් ඉන්නවා. දුරකථන ඇමතුම් වගේම අන්තර්ජාලය හරහා මගේ විස්‌තර අහලා කතාබහ කරනවා. ඒ හින්දා ආකර්ෂණයක්‌ තිබෙනවා කියලා හිතනවා.





 
Related Posts with Thumbnails