Ads 468x60px

.

රාතී‍්‍ර මෝටර් තරගාවලියේදී ඩිලන්තට - ශී‍්‍රයාන්ට විශිෂ්ට දස්කම්


වේගය, භීතිය හා තරගකාරීත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකීය මෝටර් රථ ක‍්‍රීඩා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන දුන් කොළඹ රාත‍්‍රී මෝටර් රථ තරගාවලියේදී ඩිලන්ත මාලගමුව සහ ශ‍්‍රියාන් සැමුවල් ඉසව් දෙක බැගින් ජය ගැනීමට සමත්වුහ.කොළඹ ගලදාරී හෝටලය අසළින් ආරම්භ වී කොළඹ කොටුව ප‍්‍රදේශය
කේන්ද්‍රකර ගනිමින් පැවැති මෙම තරගාවලියේ උණුසුම විද ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණි ක‍්‍රීඩා ලෝලීහු දහස් ගණනක් පසුදින පහන්වන තුරුම රැදී සිටියහ.

ඉසව් 19 කින් සමන්විත වු මෙම තරගාවලිය 17 පස්වරු 8.00 ට පමණ ආරම්භ වී අද අලූයම 5.30 දක්වා පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ නම ගිය ධාවකයන්, ඉන්දීය හා මැලේසියානු මෝටර් රථ ධාවකයන් සමග කළ තියුණු තරගයක ආශ්වාදය දහස් සංඛ්‍යාත මෝටර් රථ ලෝලීන්ටද සියැසින් දැකගැනීමේ අවස්ථාව සලසමිනි.

කෙසේ වෙතත් විදෙස් තරග කරුවන්ට අභියෝගයක් වු එකම ශී‍්‍ර ලාංකික රියැදුරා වුයේ අන්තර්ජාතික මෝටර් රථ තරගවලදී දස්කම් දැක් වු ශී‍්‍ර ලංකාවේ සුපිරි මෝටර් රථ ශූර ඩිලන්ත මාලගමුව පමණි.
අන්තර්ජාතික මෝටර් රථ තරග බිමේදී ශ්‍රී ලාංකීය නාමය ඉහළට ඔසවා තැබු ඩිලන්තගේ දස්කම් වසර ගණනාවකට පසුව ශ්‍රී ලාංකීය ක‍්‍රීඩා ලෝලීන්ට සියැසින් දැක ගැනීමේ හැකියාව එහිදී ලැබිණ. මෙරට ධාවන පථවලදී දැක ගැනීමට නොමැති වු ජී.ටී. 4 සුපිරි මෝටර් රථ ඉසව් දෙකේදීම මලයාසියානු රියැදුරන් අභිබවා යමින් මාලගමුව ජය ගත්තේය.

වොක්ස් වෝගන් පෝලෝ රථ පැදවීම සඳහා ඉන්දීයාවෙන් පැමිණි රියැදුරෝ එහි ඉසව් දෙකම ජය ගත්හ. මෙම ඉසව්වේ දෙවැනි තරගයේදී ධාවකයන්ට ලැබුණු පුහුණු වටයේදී මෝටර් රථ හතරක් අනතුරට ලක්විය. මෙම තත්ත්වය නිසා තරගය පැවැත්වීමට විනාඩි 45 ක පමණ කාලයක් වැය කිරීමට සංවිධායක කමිටුවට සිදුවිය.

250 සී. සී. විවෘත ඉසව් දෙකම ජය ගත් ශ‍්‍රියාන් සැමුවල් තරගාවලියේ යතුරු පැදි අංශයේ කැපී පෙනෙන ක‍්‍රීඩකයා විය. 9 හැවිරිදි ජේඩන් සහ 8 හැවිරිදි අරොන් යන ගුණවර්ධන සොහොයුරෝ මෙම තරගාවලියේදී ස්ටෑන්ඩර්ඞ් 125 සී. සී. 4 ස්ට්‍රොක් ඉසව්වේ දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගත්හ.

ශ්‍රී ලංකා මෝටර් ක්‍රොස් ධාවන ශූර ගයාන් සඳරුවන් සුපර් මෝටාර්ඞ් 250 ඉසව්වට සහභාගිවෙමින් පළමු වරට තැනිතලා ධාවන පථයක සිය යතුරු පැදිය හැසුරුවීය. එම ඉසව්වේදී ගයාන් දෙවැනි ස්ථානය ලැබීය.
ෆෝමියුලා මෝටර් රථ ඉසව්වලදී ගයාන් රණතුංග සහ අශාන් සිල්වා ජය ලැබුහ. පන්නලදී පසුගියදා නිමා වු තරගාවලියේදී ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී. සී. ඉසව්වේ ශූරයා වු තිවංක විජේසේකරට මෙහිදී පස්වැනි ස්ථානය හිමිවිය.

නිෂාන් මාච් - 1000 සී. සී. ඉසව්ව පහසුවෙන් ජයගැනීමට ධම්මික පීරිස් සමත් වුවද තවත් පළපුරුදු තරගකරුවන් අභිබවමින් ත-ුන්වැනි ස්ථානය දිනාගැනීමට කාන්තාවක වන එස්. ඒ. ලක්‍ෂිකා සමත් වූවාය.
තරගාවලියේ අවසන් ඉසව්ව ලෙස මෝටර් රථ 24 ක සහභාගීත්වයෙන් පැවැති එස්. එල්.- ජී. ටී. 3500 සුපිරි කාර් වේගවත්ම ඉසව්වේදී පසිදු පීරිස් සහ අශාන් සිල්වා පළමු ස්ථානය සඳහා තියුණු සටනක නිරතවුහ. එම ඉසව්වේ වත්මන් ශූරයා වන පසිඳු තරගය ජයගත් අතර අශාන් තරගය අවසන් කළේ තරගාවලියේදී ඉසව්වක පළමු ස්ථානය සහ ඉසව් දෙකක දෙවැනි ස්ථාන ලබමිනි.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ ද එස්. එල්. එච්. 1600 සී. සී. ඉසව්වට සහභාගිවිය.


රාත‍්‍රී මෝටර් රථ තරගාවලිය නැරඹීමට පැමිණි පස් දෙනකු අනතුරුවලට ලක්වීමෙන් තුවාල ලබා ජාතික මහ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.ඉන් තිදෙනකු ප‍්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙන අතර දෙදෙනකු රෝහලේ මේ වන විටත් සිටින  බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල කියයි.

තරගය අතරතුරදී මෝටර් රථ හා ගැටීමෙන් නරඹන්නන් දෙදෙනකුගේ පාදයකට හා හිසට තුවාල සිදුවිය.
එස්. එල්. ජී. ටී. 3500 සුපිරි කාර් ඉසව්වේ ශූරයකු පැවසුවේ නරඹන්නන් ධාවන පථය අසලට විත් තරග නැරඹීමට ගත් උත්සහය නිසා ධාවකයන්ට අවදානමක් සහිතව තරග කිරීමට සිදු වු බවයි. මෝටර් රථ තරගාවලියක් සංවිධානය කිරීමේදී නරඹන්නන්ට සුදුසු ආරක්‍ෂිත ස්ථාන සකසා තිබිය යුතු බවත්, හිතුමතේ නරඹන්නන් ධාවන පථය අසළ රැදී සිටීම සහ ධාවන පථය මතින් ගමන් කිරීම සුදුසු ක‍්‍රියාවක් නොවන බවද ඔහු පැවසීය.



ශ‍්‍රියාන් සැමුවල්

ඩිලන්ත මාලගමුව

අශාන් සිල්වා

පසිඳු පීරිස්
 
 ධාවන පථයට බල්ලන් පැනීම නිසාද යතුරුපැදි ධාවකයෙක් අනතුරට පත්වී ඇත 

 දිලන්ත මාලගමුවගේ ලම්බෝගිනි රථයේ රෝදයක් ගැලවී ගොස් ඇති අයුරු.
 
Related Posts with Thumbnails