Ads 468x60px

.

රනිල් දිනවන්න මම පූජාවකුත් කළා - මර්වින්


විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අපල උපද්‍රව දුරුකොට, ඔහුට යළි පක්ෂ නායකත්වය ලබා ගැනීම සඳහා තමා කැලණිය දේවාලයේ විශේෂ පූජාවක් සහ ශාන්ති කර්මයක් පැය 24ක් පුරා පැවැත්වූ බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පෙරේදා රාත්‍රියේ තම හිතවතුන් පිරිසක් සමඟ පවසා තිබේ.

'සෝම සාමි' විසින් සිදු කළ එම පූජාව සඳහා තම ඥාතියකුවන මලික් සමරවික්‍රම මහතා ආධාර කළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා අත ගැසූ ප~ුරු රැගෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පැමිණි බවත් විශේෂ පූජාවට ඔහුද සහභාගිවූ බවත් ඇමතිවරයා පවසා ඇත.
තවද සිරිකොතට ගල් ගැසූ පිරිස බේරා ගැනීමට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මැදිහත් වූ බවද ප්‍රකාශ කොට ඇති මර්වින් සිල්වා අමාත්‍යවරයා, බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ 'නක්සලයිට්' කණ්ඩායම සමඟ සමීප ගනුදෙනුවක් පවත්වන බවත් පවසා තිබේ.සිරිකොත ගැටුමේදී ජනාධිපතිවරයා දෙපාර්ශවයටම උදව් කොට එම දෙපිරිසම සතුට කළ බවත් වැඩි දුරටත් පවසා තිබේ.
 
Related Posts with Thumbnails