Ads 468x60px

.

රිලා උගුල පවුලක් ම නිහඬ කරයි - ඔකඳගලම කම්පාවට පත්වෙයි

හගුරන්කෙත ඔකඳගල එකම පවුලේ තිදෙනකු අනවසර විදුලි රැහැනක පැටැලී මියයාමේ පුවතක් 
මතුරට ප‍්‍රදේශයෙන් වාර්තා වේමොවුන් බිලිවී ඇත්තේ රිලවුන් මැරීමට අටවා තිබූ උගුලකට බව  
පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී ඇතමුලින්ම මෙම අගුලේ පැටලී ඇත්තේ අවුරුදු  
තුනක් වයසැති පුතා බවත්පසුව ඔහු බේරා ගැනීමට ගිය මවටත් පියාටත් විදුලිසැර වැදී ඇත.

මියගිය අයගේ නිවසේ සිට මීටර් 25 ක් දුරින් ඇද තිබූ අනවසර විදුලි කම්බියකින් මෙලෙස විදුලිසැර 
වැදී ඇති බව පැවසේඅනතුරින් මියගිය පුද්ගලයා 44 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ බිරිඳ 33 වැනි වියේ පසුවිය. එසේම මියගිය දරුවාගේ වයස අවුරුදු 03ක් පමණ වන බව මතුරට පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

වඳුරු රැළක්‌ ප්‍රදේශයේ සැරි සරමින් වගා විනාශ කිරීම නිසා මියගිය පියා නිවස වටා අනවසර විදුලි රැහැනක්‌ යොදා තිබේ. මෙම සිද්ධිය වූ රාත්‍රී සිඟිති පුත්‍රයා මෙම අනවසර විදුලි රැහැන ඇල්ලීමට යැමේදී පළමුව දරුවාට විදුලිසර වැදී තිබේ. දරුවා බේරා ගැනීමට පියා සහ මව උත්සාහ දැරූ අවස්‌ථාවේ ඔවුන් දෙදෙනාටද විදුලිසර වැදී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය ආරංචිවීමත් සමඟ මතුරට පොලිසිය සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මතුරට, ඔකඳගල, ප්‍රදේශවාසීහු මේ සිද්ධියෙන් දැඩි කම්පාවට පත්වී සිටිති.  


 
 
Related Posts with Thumbnails