Ads 468x60px

.

නිරෝෂා සහ ඉරෝෂාගේ සොහොයුරියගේ අමල් රොද්‍රිගූ රට පටවයි


අතුරුදහන් කිරීමේ ඒකකය' විසින් පැහැරගෙන යනු ලැබූ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුවන අමල් රොද්‍රිගූ නැමැත්තා  නිදහස් කොට, ඔහුගේ පවුල පිටින් විදේශ ගත කොට තිබේ.ඔහුව මීගමුවේ දී ඊයේ (24) මුදා හැර තිඛෙන අතර වහාම එම ස්ථානයට ගොස් ඇති බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා ඔහුව කොල්ලූපිටියේ 'බේස් කරෝකී' රාත්‍රී සමාජ ශාලාවට රැගෙන ගොස් තිබේ.

එහිදී තමන්ට අත් වූ ඉරණම පිළිබඳව හිත මිතුරුන්ට පවසා ඇති අමල් රොද්‍රිගූ මහතා තමාට පසුගිය දින කිපයෙහි අමානුෂික වදහිංසා පැමිණවූ බව පවසා තිබේ. තමන්ට පැහැර ගත් දිනයේ සිට ආහාරපාන ගන්නා අවස්ථාවලදී හැර අනෙක් සෑම අවස්ථාවකම තමන්ගේ දැස් බැද තැබූ බවත් පවසා ඇති පවසා ඇති මොහු තමන්ට පහර දෙමින්, සිගරට් කොටවලින් පුච්චමින් ප්‍රශ්න කළ බවත් පවසා ඇත. එම තත්ත්වය යටතේ තමාට අදාළ සිදුවීම සම්බන්ධයෙන් යූ.අයි. උපුල්ගේ නම එළිදරව් කිරීමට සිදු වූ බවත් අමල් මෙහිදී ප්‍රකාශ කර තිබේ.
නිදහස් වී පැමිණි තමා මර්වින් ඇමතිවරයාගේ නිවසට එන බව දැනුම් දුන් මොහොතේ තම නිවසට නොයෙන ලෙස ඔහු පැවසූ බවත් අමල් මෙහිදී දැඩි කනස්සල්ලෙන් යුතුව පවසා ඇත.කෙසේ වුවද අමල් රොද්‍රිගූ නැමැත්තාගේ පවුලේ සාමාජිකයන් ඊයේ උදැසන සිංගප්පූරු බලා පිටත් කර යැවීමට මර්වින් සිල්වා අමාත්‍යවරයා කටයුතු කර තිබේ.
මෙරට තේ අපනයනයේ ප්‍රමුඛතම සමාගමක්වන අක්බාර් බ්‍රදර්ස් සමාගමින් අමල් රොද්‍රිගූ නැමැත්තා කෝටි 5ක කප්පම් මුදලක් ලබාගැනීම පිළිබඳව ඉරාන ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කළ දැනුම් දීමක් මත ආරක්ෂක ලේකම්වරයාගේ අතුරුදහන් කිරීමේ ඒකකය මොහුව පැහැරගෙන යනු ලැබීය.
එහෙත් මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත මොහුව ඝාතනය කිරීම වැලකූ ජනාධිපතිවරයා මොහුව වහාම රටින් පිටත් කර හරින ලෙස දැනුම් දී තිබින.අමල් රොද්‍රිගූ පැහැරගෙන යෑම ආණ්ඩුව මත පැටවීමට ඉඩ ඇති බැවින් ඔහුව ටික දිනක් රඳවා ගන්නැයි උපදෙස් දී ඇත්තේ මර්වින් සිල්වා අමාත්‍යවරයාය. එහෙත් ඔහුට තම බිරිඳ සමඟ දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
අමල් රොද්‍රිගූ නැමැති පුද්ගලයා මර්වින් අමාත්‍යවරයා සමඟ කප්පම් ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර සේවය කළේ කැලණිය දලූගම කේ.එස්. කාර් සේල් ආයතනයෙහිය. එහි හිමිකරු කමල් සිරිවර්ධන මහතාගේ බිරිඳ සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යනු ලැබූ මොහු ඊට මාස කිපයකට පසුව ඇයව තම අඹුව කර ගනු ලැබීය.එසේ අමල් රොද්‍රිගූ මේ වනවිට විවාහවී සිටින්නේ ජනප්‍රිය නිවේදිකාවන්වන නිරෝෂා සහ ඉරෝෂාගේ සොහොයුරිය සමඟය.
 
Related Posts with Thumbnails