Ads 468x60px

.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙයි


2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මීට ස්වල්ප මොහොතකට පෙර නිකුත් වී තිබේ. එබැවින් මේවන විට www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. කෙසේ වෙතත් අද පෙරවරු 10.00ට ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ දිනයේ දී විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කෙරුණු අතර විභාග කොමසාරිස් ජනරාල්වරයා අද ප.ව 6.00 පසුවන විට ප්‍රතිඵල නිකුත් කළ හැකි බව මීට පෙරාතුව නිවේදනය කරන ලදී. 

කෙසේ වෙතත් මේවන විට අදාළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර පිට පළාත්වල‍ ප්‍රතිඵල ලේඛන හෙට දිනයේ තැපෑලට යොමු කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. විෂය නිර්දේශ දෙකක් යටතේ අපේක්ෂකයන් මෙවර විභාගය සඳහා ඉදිරිපත් වී සිටි අතර පොදු ඉසෙඩ් අගයක් යටතේ ප්‍රතිඵල නිකුත් කළ යුතුව තිබීම මෙසේ ප්‍රතිඵල ප්‍රමාදයට හේතු වී තිබේ. 

http://www.doenets.lk/exam/exam_GV.jsp
 
Related Posts with Thumbnails