Ads 468x60px

.

බි්‍රතාන්‍ය තරුණියගේ ඇග පසඟ අතපත ගා පෙම්වතා මරා දමයි


නාමල් රාජපක්ෂ මහතාගේ ගජ මිතුරෙකුවන තංගල්ල ප්‍රදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්පකුමාර මහතා අද (25) උදැසන බි්‍රතාන්‍ය ජාතිකයකු ඝාතනය කොට මේ වනවිට සැගවී සිටී. එම ඝාතනය සිදු කළ වහාම ජනාධිපතිවරයාගේ තංගල්ල කාල්ටන් නිවසට ගොස් ඇති සභාපතිවරයා,තමාව බේරා ගන්නැයි ඉල්ලා තිබේ.

තංගල්ල ප්‍රදේශීය සභාපතිවරයා විසින් එසේ මරා දමා ඇත්තේ, රතුකුරුස සංවිධානයේ ගාසා තීරයේ සහන සේවකයකු වන කුරාම්ෂේක් නැමැති බි්‍රතාන්‍ය ජාතිකයකි.නත්තල් සැමරීම සඳහා තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ හෝටලයක ඊයේ රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක මෙම බි්‍රතාන්‍ය ජාතිකයාද සහභාගි වී ඇත්තේ ඔහුගේ පෙම්වතියවන රුසියානු ජාතික සූරූපී තරුණියද සමඟය. තංගල්ල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාද ඔහුගේ ගෝලබාලයින් පිරිසක් සමඟ එම හෝටලයට පැමිණ බීමත්ව එම රුසියානු තරුණියට උසුලූ විසුලූ කරමින් ඇයට හිරිහැර කිරීමට උත්සාහ කර තිබේ.
මේ සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය ජාතික තරුණයා විරෝධය පළ කර ඇතත් ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා එකි තරුණියගේ ඇග පසඟ අතපත ගෑමට උත්සාහ දරා ඇත. මෙහිදී බි්‍රතාන්‍ය ජාතික තරුණයා හා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අතර ගැටුමක් හටගෙන ඇති අතර ප්‍රදේශීය සභාපතිවරයා සමඟ සිටි අනෙකුත් පිරිසද බි්‍රතාන්‍ය ජාතිකයාටත් ඇගේ පෙම්වතියටත් පහර දී තිබේ.
මෙම ප්‍රහාරයේදී බි්‍රතාන්‍ය ජාතිකයා මිය ගොස් ඇති අතර රුසියානු ජාතික තරුණිය බරපතල තුවාල සහිත ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.මෙම ගැටුම සිදුවී ඇත්තේ අද අළුයම 3ට පමණය.මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ජනාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ. එහෙත් අද පස්වරුවනවිටත් අත්අඩංගුවට ගැනීමට අසමත්වී ඇත.
 
Related Posts with Thumbnails