Ads 468x60px

.

අද ශේෂාද්‍රි උපන් දිනය සමරනවා. අපේ සුබ පැතුම්

ශේෂාද්‍රි ප්‍රියසාද්....ශ්‍රී ලංකාවේ සිනමා රසිකයින්ට නම් අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ චරිතයක් නෙවෙයි. උදයකාන්තගේ “චැලෙන්ජර්“ film එකේ Main role එකක් රඟපාමින් සිනමා ජීවිතය පටන් ගත්තත්, ශේෂාද්‍රි කියන්නේ අපේ රටේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ගේ දියණියක්. තමුන්ගේ පළමු රඟපෑමෙන්ම ඉමහත් ජනප්‍රියත්වයට පත් වෙන්න වාසනාව ලැබූ ශේෂාද්‍රි රඟ පෑ තවත් films කීපක් ම ළඟදී තිරගත වෙන්නත් නියමිතයි. තමුන් ගේ පියා වන දිනේෂ් ප්‍රියසාද් ගේ “ඇද්ද කොඩිය - දැම්මා ලණුව“ film එකත් , උදයකාන්ත වර්ණසූරිය ගේ “සෙනසුරු මාරුව“ film එකත් ඒ අතරින් විශේෂයි. සිනමාවට හුඟක් ආදරය කරන ශේෂාද්‍රි නිතරම කියන්නේ එයා ටෙලි නාට්‍ය වල රඟපාන්න නම් ඒ තරම් කැමැත්තක් නැහැ කියලයි. 

ඒත් මේ වෙනකොට TV presenter කෙනෙක් හැටියටත් ශේෂාද්‍රි programmes කීපයක් ම මෙහෙයවන නිසා පුංචි තිරයේ රසිකයින්ටත් සමීප වෙන්න ශේෂාද්‍රිට පුළුවන් වෙලා.අද අපි එකපාරට ම ශේෂාද්‍රි ගැන කතා කරන්න හිතුවේ විශේෂ හේතුවක් නිසා. අද ශේෂාද්‍රි තමුන්ගේ උපන් දිනය සමරනවා. අපේ සුබ පැතුම් ශේෂාද්‍රි පිළිගත්තේ හරිම ආදරයෙන්.

ඉතිං , Birth day එකට මොනවද අද කරන්නේ ?
අනේ කිසිම විශේෂ දෙයක් කරන්නේ නැහැ.

මොනවා, උපන් දිනේට කිසිම විශේෂ දෙයක් කරන්නේ නැහැ ?
ඔව්, ඇත්තට ම කිසිම විශේෂත්වයක් නැහැ. අඩු තරමේ පුංචිවටවත් මොකුත් කරන්නේ නැහැ. 

එතකොට අද දවස ගත කරන්න හිතාගෙන ඉන්නේ කොහොමද ?
අද උදෙන් ම Radio programme එකකට සහභාගි වෙන්න තියෙනවා. මගේ උපන් දිනය වෙනුවෙනුයි එයාලා මට invite කළේ ඒකට. 

එතකොට පුංචි party එකක් වත් දෙන්න අදහසක් නැතිද ?
ලොකු ම ලොකු party එකක් දෙන්නම් ලබන් අවුරුද්දේ 

මොකක් ද ලබන අවුරුද්දේ තියෙන විශේෂත්වය ?
මගේ 21st Birth day එක ලබන අවුරුද්දේ ලොකුවට celebrate කරනවා. 

ඔන්න ඔයාගේ වයස අහු වුණා. ඒ කියන්නේ ශේෂාද්‍රිට දැං වයස අවුරුදු 20 යි ?
අනේ වයස හංගන්න තරම් මම නාකි නෑනේ

Party එකක් තිබුණත් නැතත් ශේෂාද්‍රි ගේ Birth day එක වෙනුවෙන් wish කරන්න ඔයාලත් කැමත් ඇති. 0774 - 55 33 81 number එකට call කරලා ශේෂාද්‍රිට ම wish කරන්න ඔයාලට පුළුවන්. ශේෂාද්‍රි ගේ Birth day එකට සුබ පැතුම් එක් කරන අතරේ ම එයාගේ ජීවිතේ සියලු බලාපොරොත්තු ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

 
Related Posts with Thumbnails