Ads 468x60px

.

උපාලි ධර්මදාස නවලෝක රෝහලෙන් එලියට

උපාලි ධර්මදාස නවලෝක රෝහල් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.කෙසේ වෙතත් ධර්මදාස මහතාගේ තීරණය හේතු මේ වන විට අනාවරණය වී නැති බව ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.වසර 26ක් පුරාවට නවලෝක රෝහල් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක්සිටි ඔහු ඉන් ඉවත් වන විට විධායක නොවන අධ්‍යක්‍ෂකවරයෙක් ලෙස කටයුතු කළේය.

නවලෝක සමූහ ව්‍යාපාරයේ සම කළමනාකරණ අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස කටයුතු කළ ඔහුට 2011 සැප්තැම්බර් මාසය වන විට පෞද්ගලිකව අයත්ව තිබුනේ මෙහි කොටස් 266ක් පමණි. ඔහුගේ සොහොයුරා වන ජයන්ත ධර්මදාස නවලෝක රෝහල් සමාගමේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි.
 
Related Posts with Thumbnails