Ads 468x60px

.

තරුණ මන්ත්‍රීවරයෙක් නීති විද්‍යාලයේ වාර්තාවක් තබයි

තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් නීති විද්‍යාලයේ, දීලික්ත නීතිය (Law of Delicts) ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 99ක් ලබමින් වාර්තාවක් තබා ඇති බව නීති විද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.මෙම නව වාර්තාවත් සමඟ වසර හැටකට වඩා පැරණි වාර්තාවක් අහෝසි වී යන අතර මෙම තරුණ මන්ත්‍රීවරයාගේ නම නීති විද්‍යාලයේ වාර්තාවන් අතර ඉහළම තැනක සඳහන් වේ. 

මීට කලින් මෙවන් වාර්තාවක් සඳහා සාක්ෂි නීතිය(Law of Evidence) සඳහා ලකුණු 99ක් ලබමින් වාර්තාවක් තබා තිබුණේ හිටපු අධිකරණ ඇමැතිවරයකු වන ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා විසිනි. මේ තත්ත්වය යටතේ මෙම තරුණ මන්ත්‍රීවරයා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා හා කරට කර සිටී.
මේ පිළිබඳව කරුණු හෙළිකළ නීති විද්‍යාලයේ ප්‍රකාශකයා සඳහන් කර සිටියේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා සාක්ෂි නීතිය සඳහා ලකුණු 99ක් ලබා ගත්තේ ආරක්ෂක හේතූන් මත යැයි කියමින් නීති විද්‍යාලයේ විදුහල්පතිගේ කාමරයේ සිට ප්‍රශ්න පත්‍රයට උත්තර නොලියා බවත්, එසේ ලියාදුන් ප්‍රශ්න පත්‍රයේ විභාග පරීක්ෂක ලෙස එකල නීති විද්‍යාලයේ විදුහල්පති කටයුතු නොකළ බවයන කරුණු නිසා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ ලකුණු 99ය මීට සමකළ නොහැකි බවයි.
වර්තමාන නීති විද්‍යාලයේ විදුහල්පති රොද්‍රිගූ මෙම තරුණ මන්ත්‍රීවරයාට කෙතරම් ඇඟෑලූම්කම් පාන්නේ දැයි යත් මෙම තරුණ මන්ත්‍රීවරයා නීති විද්‍යාලයට පැමිණි පළමු දිනයේ 'ඔබතුමාගේ පැමිණීම අපට ගෞරවයක්' යැයි කියමින් නීති විද්‍යාලයේ ගේට්ටුව අසල සිට බුලත් හුරුල්ලක් පිළිගන්වමින් තරුණ මන්ත්‍රීවරයාව පිළිගත් ආකාරයෙන්ම පැහැදිලි වන්නේ යැයි නීති විද්‍යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
 
Related Posts with Thumbnails