Ads 468x60px

.

මීගමුවේ ලාබාල සුරූපි ළඳුන් සිටි සුපිරි ගණිකා නිවාසයක් වටලයි

ලාබාල සුරූපි ළඳුන් විදේශිකයන්ට හා දේශීය ධනවත් ව්‍යාපාරිකයන්ට අලෙවි කරමින් මීගමුව වැල්ලවීදිය බොලක්‍ද්ඤා මාවතේ සුපිරි නිවහනක ඉතා රහසිගතව කාලයක සිට පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මීගමුව පොලිසිය වටලා ගණිකා වෘත්තියෙහි යෙදුණු මෑතදී විවාහ වූ තරුණියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. එහි කළමනා කරු හා සේවකයකු ද අත්අඩංගුවට ගෙන ඇත.මීගමුව පොලිසියේ පාරිසරික අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. ඩී. එම්. සිරිල් මහතාට ලැබුණු පැමිණිලි මත මීගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හල්ලව මහතාගේ උපදෙස් මත අධිකරණ යෙන් ස්ථානය සෝදිසි කිරීමේ වරෙන්තුවක් පළමුව ලබා ගත්තේය.

සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් සැරයන්වරයකුට අදාළ ස්ථානයෙහි දුරකථන අංකය දී එහි කළමනාකරු සම්බන්ධ කරගෙන වැටලීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස පාරිසරික අංශයේ ස්ථානාධි පතිවරයා උපදෙස් දුන්නේය.සැරයන්වරයා අදාළ ස්ථානයේ කළමනාකරුට දුරකථනයෙන් අමතා තමාට සුරූපි කාන්තාවක් අවශ්‍ය බව දැන්වීය.

සැරයන් එම ස්ථානයට ගියේය. ඔහුව හොඳින් පිළිගත් කළමනාකරු මුදල් ගෙවන ලෙස දැන්වීය. පොලිසියේ පාරිසරික ස්ථානාධිපතිවරයාගේ කෙටි අත්සන යෙදූ මුදල් නෝට්ටු ඔහුට දුන්නේය. අංක 4 කාමරයට සැරයන් වරයාට යාමට උපදෙස් ලැබුණි. දොර විවෘත කරන විට ළාබාල සුරූපි තරුණියක් අඩනිරුවත්ව සිටියේය. සැරයන් සිය ජංගම දුරකථනයෙන් පාරිසරික ස්ථානාධිපති සිරිල් මහතාට සංඥාවක් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ස්ථානය වට කොට සැකකරුවන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව පොලිස් කොට්ඨාස පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මීගමුව පොලිස් අධිකාරි ආනන්ද ප්‍රනාන්දු යන නිලධාරීන් ගේ උපදෙස් පිට මීගමුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි හල්ලව මහතාගේ අධීක්ෂණය යටතේ මීගමුව පොලිසියේ පාරිසරික ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. ඩී. එම්. සිරිල් සැරයන් මර්වින්, පොලිස් කොස්තාපල්වරුන්වන ලියනගේ, නිශාන් කාන්තා පොලිස් කොස්තාපල් වරියන් වන මහේෂිකා, චන්දිමා, පොලිස් රියැදුරු පොලිස් කොස්තාපල් අනුරුද්ධ යන නිලධාරි කණ්ඩායම මේ වැටලීම සිදුකළහ.

අත්අඩංගුවට ගත් තරුණියන් වැලිගම, කඩවත, මදුරන්කුලිය යන ප්‍රදේශවල අය වෙති.නිවැසියන්ට රැකියාවල් කරන බවට දන්වා මේ වෘත්තියෙහි යෙදෙන බව තරුණියෝ පොලිසියට දැන්වූහ. මොවුන්ට නිවාසවලට යාමට අවශ්‍යතාවක් ඇති වුවත්, ආයතන හිමියන් බලහත්කාරයෙන් තරුණියන් රඳවා ගන්නා බව පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදන බව පාරිසරික ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. ඩී. එම්. සිරිල් මහතා පැවැසීය.
 
Related Posts with Thumbnails