Ads 468x60px

.

ඊයේත් නුවරඑළියට හිම පතිත වේ.උෂ්ණත්වය සෙල්සියෂ් අංශක 2.7 යි

අප මිට පෙර ලිපියකින් සඳහන් කල පරිදි ඊයේත් නුවරඑළියේ පෙර වරුවේ උෂ්ණත්වය සෙල්සියෂ් අංශක 2.7 දක්‌වා පහළ බැස තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ තත්වය තව සතියක පමණ කාලයක්‌ පැවතිය හැකි අතර පෙබරවාරි මස මැද භාගය දක්‌වා සීතල දේශගුණයක්‌ දිවයින පුරා පවතිනු ඇතැයි ද සඳහන් කළේය.


නුවරඑළියේ තෘණ මත උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2.6 ට අඩුවීමෙන් ඝනීභවනය වූ බිම්තුහින ශාක පත්‍ර මත තැන්පත් වීමෙන් එළවළු වගාවන්ට හා තේ දලුවලට බලපෑම් ඇතිවේ. සයිබීරියාවේ වැඩි පීඩන ප්‍රදේශවලින් හමා එන අධිසීතල සුළං ධාරා හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

1929 ජනවාරි මස 14 වැනි දින නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියෂ් අංශක සෘණ 2.6 ටත් 2009 ජනවාරි මස 2 වැනි දින සෙල්සියෂ් අංශක 2.6 ටත් අඩු වී ඇති බව ද පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ අනුව එහි උෂ්ණත්වය මීට වඩා පහළ බැස ඇති බව සඳහන් කරයි.


මේ අතර මේ දිනවල හිම මෙන් ඇද වැටෙන මල් තුහින වැසි නරඹන්න නුවරඑළියට පැමිණෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතා ජනතාවට ඇරැයුම් කරයි.අතිශයින් දුර්ලභ මෙම සුන්දර දසුන මධ්‍යම රාත්‍රියේ සිට පෙරවරු 8.00 පමණ දක්වා දැකගත හැකි බව ඒ මහතා කීය.

මෙම දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා අධික ශීත කාලගුණික තත්ත්වයක් පවතින අතර ඊයේ (16) නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.7 දක්වා පහත බැස තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.අධික ශීත කාලගුණික තත්ත්වයත් සමඟ කුඩා දරුවන් රෝගී විය හැකි බැවින් ශීත කබා රැගෙන පැමිණෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා සංචාරකයින්ගෙන් ඉල්ලීමක් කරයි.



වාහනයක් මතට වැටී තිබූ මල් තුහින (හිම බිඳිති)

මල් ගොමුවකට හිම බිඳිති වැටී

මල් තුහින වැටී තිබූ තණපිටියක්
 
Related Posts with Thumbnails